ඇවන්ගාර්ඩ් සමඟ රජය අලුත් ගිවිසුමක් ගහලා ?

Published in පුවත්
Sunday, 15 November 2015 12:19

ඇවන්ගාර්ඩ් සමාගමේ ව්‍යාපාර කටයුතු අත් හි‍ටුවූ බවට ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවේ පැවසූවද අප වෙත වාර්තාවන තොරතුරු අනුව රක්නා ලංකා සමාගම, ඇවන්ගාඩ් සමාගම සමඟ අතර පසුගිය ඔක්තොර්බර් 20 වන දින අලුත් ගිවිසුමක් අත්සන් කර තිබෙන බව වාර්තාවේ. මේවන විට කටයුතු සිදුවන්නේ ඒ අවබෝධය අනුව බවද වාර්තාවේ.

මේ අනුව ඇවන්ගාර්ඩ් සමාගමට සුපුරුදු පරිදි සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ඉඩ ලැබෙන අතර සමාගමේ ඒකාධිකාරය සම්බන්ධයෙන් හා මුදල් ගනු දෙනු සම්බන්ධයෙන් සමතයකට එළඹ ඇත. ඒ අනුව ඉදිරියේදී තවත් සමාගම් කිහිපයකටම මේ සඳහා රක්නා ලංකා සමාගම සමඟ ගිවිසුම්වලට එළඹීමේ ඉඩකඩ විවර වනු ඇත.

රක්න ලංකා සමාගම හා ඇවන්ගාර්ඩ් සමාගම අතර 2014 දි අත්සන් කළ අවසන් ගිවිසුම අනුව 2019 ජනවාරි 27 වන දින දක්වා කිසිදු පාර්ශ්වයකට එම ගිවිසුම කඩ කල නොහැකි අතර යම් හෙයකින් එම පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් බාධාවක් ඇති වුව හොත් රක්නා ලංකා සමගම විසින් ඇවන්ගාඩ් සමාගමට ඩෝලර් මිලියන 20 ක වන්දියක් ගෙවිය යුතුව තිබේ. මේ අනුව එම ගිවිසුම් අහෝසි කිරීම සිදු බරපතල ගැටලුවක් වන අතර එය ජනාධිපතිවරයාට ඇමැතිවරු දෙතුන් දෙනෙකුගේ කැමැත්ත පරිදි තිරණය කළ නොහැක.

කෙසේ නමුත් අප විසින් ජනාධිපතිවරයාගේ තීන්දුව යැයි ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කළ ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය සම්බන්ද තීරණයට පෙර ඇවන්ගාර්ඩ් ගැටලුව සමතයකට පත් කර ගැනීමට ආණ්ඩුව එකඟතාවයකට පැමිණ තිබුණු බව අප වාර්තා කළෙමු.

එමෙන්ම සත්‍ය ලෙසම එම ව්‍යාපාරය විනාශ කර දැමීමට ජනාධිපතිවරයා තීරණය කළේ නම් එය ඉතා නරක පූර්වාදර්ශයක් වන අතර ඒ අනුව මෙරට ඕනෑම පෞද්ගලික ව්‍යාපාරයක් ජනාධිපතිවරයාට රජයට පවරා ගැනිමට නියෝග කළ හැකිය. ජනධිපතිවරයා ගත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි අත්තනෝමතික තීන්දුව ගැන මේවන විටත් මෙරට ව්‍යාපරික ක්ෂෙත්‍රය කැළැඹීමට පත්ව සිටින අතර, ඇවන්ගාර්ඩ ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව තිබුණේ නීත්‍යානූකූලව විය යුතු නමුදු ජනතා විමුක්ති පෙරමුණද මේ සම්බන්ධයෙන් නිහඬව සිටින්නේ එය අනුමත කරන නිසාද යන්න ගැන ගටලුවක්ව පවතී.

කෙසේ නමුත් අප වෙත වාර්තවන පරිදී ජනධිපතිවරයා නාවික හමුදා පතිවරයාට දැනුම් දී ඇත්තේ එම ව්‍යපාරය නාවික හමුදාවට කළ හැකිද යන්න ගැන වාර්තාවක සකසා දෙන ලෙසත් ඇවන්ගාර්ඩ් සමාගම හා පවතින ගිවිසුම් පිළිබඳ පැහැදිලි කිරීමක් සහිත වාර්තාවක් ලබා දෙන ලෙස පමණය.

ඇවන්ගාර්ඩ් සමාගමට එරෙහිව සිදු කෙරුණු හා සිදු කෙරෙමින් පවතින පරීක්ෂණවලදී එම සමාගම නීතිවිරෝධී කිසිවක් සිදුව ඇති බව මේවනතුරුත් හෙළි කර ගැනිමට හැකිවීද නැත. ගැටළු සහගතභාවයන් අනාවරණය වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය බලය අයුතු ලෙස යොදා ගැනීම සම්බන්ධයෙනි. එහෙත් ඒ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම  තවමත් පරීක්ෂණ කටයුතු සිදුකරමින් තිබේ.

 

සැබැඳි පුවත්:

ඇවන්ගාර්ඩ් ප්‍රශ්නය සමථයකට, තවත් සමාගම්වලටත් අවස්ථාව දෙයි

 

Last modified on Sunday, 15 November 2015 12:53

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us