මත්තල වී මැන්ඩිස් අරක්කු සමාගමට සොච්චම් මුදලට විකුණයි

Published in පුවත්
Monday, 01 February 2016 13:33

මත්තල ගුවන්තොටුපළ ගබඩා සංකීර්ණයේ  ගබඩා කර තිබූ වී තොගවලින් කොටසක් මද්‍යසාර නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගමක් වන ඩබ්ලිව්.එම් මැන්ඩිස් සමාගම වෙත පාඩු පිට විකුණා දමා ඇති බව වාර්තා වේ.

රජය මෙම වී තොග මිල දී ගත්තේ රු.45ක මුදලකට වන අතර අදාළ සමාගම වෙත ලබා දී ඇත්තේ රුපියල් 42ක මුදලකටය.

මැන්ඩිස් සමාගමේ වත්මන් හිමිකරු වන්නේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණනුවන් වන අර්ජූන් ඇලෝසියස් මහතාය.

ඔහුගෙන් මේ පිළිබඳව අප කළ විමසීමේ දී පවසා සිටියේ තම සමාගමට වී තොග මිල දී ගැනීම සිදු නොකළ බවය. ඉකුත් කන්නයේ වී තොග පාඩු පිට සමාගම්වලට ලබා දීම පිළිබඳව අප වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන් පාලිත මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු සඳහන් කළේ මත්තල ගබඩා කළ වී මෙට්‍රික්ටොන් 4300න් 509ක් රුපියල් 42 බැගින් මැන්ඩිස් සමාගමට ලබා දුන් බවයි.

මැන්ඩිස් සමාගමට අමතරව දිවයිනේ වෙනත් ප‍්‍රදේශවල ගබඩා කළ වී තොග තවත් සමාගම්වලට ලබා දී ඇති බව ද හෙතෙම සඳහන් කළේය. වී තොග ලබා දුන් සමාගම්වල ලැයිස්තුව ඉතා දිගු එකක් වන බවත් ඔහු කීවේය. වැඩි වශයෙන් වී මිල දී ගත් සමාගම් සහ ඒවා මිල දීගත් වී තොග කොපමණ දැයි විමසා සිටි අවස්ථාවේ දී සමන් පාලිත මහතා සඳහන් කළේ අරලිය සහ නිපුන යන සමාගම්වලට රුපියල් 32.50 බැගින් වී තොග ලබා දුන් බවයි. 

CIA වෙබ් අඩවියෙනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us