මහින්දගේ පොරක‍ටු දැන් ගෙවිලාය. කට විතරක් තවම වැඩය.

Published in පුවත්
Tuesday, 02 February 2016 22:13

හොර මගඩි වලින් ජාවාරම් වලින් උපයනු ලැබු මුදල් යොදවා හා රජයේ දේපල යොදවා රූපවහිනි නාලිකාවක් ආරම්බ කිරීම නිසා චෝදනා එල්ලවී රිමාන්ඩ් බන්ධනාගර ගත කරන ලද මහින්ද රාජපක්ෂගේ පුත් යොෂිත රාජපක්ෂ දේශපාලන ඩීල් එකක් මත නිදහස් වුවහොත් හැර අවුරුදු 5 කට වැඩි 20 කට නො අඩු සිර දඬුවමක් ලැබිමට නියමිතය.

ඒ කොහොම වුවත් මහින්ද රාජපක්ෂ උන්නැහේ කියා තිබුණේ දැන් නම් ඉතින් ආණ්ඩුවට සොරි තමයි කියාය. පන්සල් දේවාල ගානේ යමින් එමින් උපාසක ලෙවල් එකෙන් සිටි තමාගේ යකා ඇවිස්සී ඇති බවත් ඒ නිසා මේ ආණ්ඩුව පන්නා දැමීමේ දේශපාලන ගේමට බැසීමට තමා තීරණය කළ බවත් ඔහුගේ ප්‍රකාශයෙන් කියවිණි.

හපොයි... දැන් ආණ්ඩුව බියවී සිටී... රනිල් මෛත්‍රී යුගලය බයෙන් වෙව්ලමින් සිටී... රාජපක්ෂ දිනුවා නම් තමාට නියම වන්නේ පොළොවෙන් අඩි 6ක් යට බව මෛත්‍රී කිව් කතා දැන් මෛත්‍රීට සිහිනෙනුත් පෙනේ...

මහින්දවාදින්ද දැන් ගේමට බැහැලාය.. බලා සිටින්නේ මෛත්‍රීව වළලන්නය. රනිල්ව වළලන්නය. මහින්ද රාජපක්ෂගේ හිච්චි කොලුවා නම් කියන්නේ සිංහයාගේ නැට්ට ගැනය. නැට පුරා ගූ තිබෙන බව ඒ කොළුවා නොකියන නමුත් ඒ දන්නෝ දනිති. ඒ කොහොම උනත් කොලුවා බලා සිටිනනේද සිංහයා ආපසු ඇවිත් මෛත්‍රීව කෑලි කෑලි වලට ඉරණකම්ය.

ඒ කතා පසෙකින් තබමු. මොන සහගහන අපරාධයක් කර තිබුණත් රාජපක්ෂ පවුලේ සමිපතම ඥාතීන් අත් අඩංගුවට ගැනිම ගැන ආණ්ඩුව හිටියේ බයෙනි. රාජපක්ෂලාට තිබෙනවාය කියන ‍රැල්ල ගැන බයෙනි. සිංහල බෞද්ධ ‍රැල්ල ගැන බයෙනි. බොදු බලේ ‍රැල්ල ගැන බයෙනි. සිංහලේ ‍රැල්ල ගැන බයෙනි. නමුත් පොලීසිය නීතිය ප්‍රකාරව කටයුතු කළේ ඕන ‍රැල්ලකට මුහුණ දීමේ අභියෝගය සහිතවය. යොෂිතව ගත්තේය. අඩු තරමින් තල කැ‍රැල්ලක තරමින්වත් ප්‍රහාරයක් එල්ල වුයේ නැත. මාධ්‍ය සංදර්ශන සියල්ල අසාර්ථක විය. අවසන් වරට මහින්ද වෙනුවෙන් යැයි කියා ඡන්දය දුන් 47 ලක්ෂයෙන් 47ත් දෙනෙකුටවත් යොෂිත වෙනුවෙන් පාරට ගැනිමට එකාබද්ධ හෝ බොංකොලොත් විපක්ෂයට නොහැකි විය. කහකඩ හොරුද නිරුත්තරව සිටී.

මහින්දගේ ‍රැලි සියල්ල දැන් අවසන්ය. මහින්ද වටා සිටි අනාත දේසපාලුවන්ගේ ‍රැලිද දැන් අවසන්ය. සිංහල බෞද්ධ ‍රැලිද අවසන්ය. ඒ නිසා ඉදිරි පලාත් පාලන මැතිවරණය ශ්‍රි ලනීපයට මහින්ද නැතුව දිනනන් බෑ කියන කිසිවකු හෝ සිටි නම් ඒ සිහිකල්පනාවෙන් තොර ගොබ්බයෙකි. කොහොම වුනත් දූෂන අපරාධ චෝදනා එල්ලව තිබෙන රාජපක්ෂලා හා අනෙක් හෙංචයියොත් එක්ක ශ්‍රි ලනිපට යා හැකි ගමනක් නැත. මෛත්‍රීට දේශපාලන පරිණතකම පෙන්වනවා නම් මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ මැතිවරණ තැබීම නොව මේ ඉතුරුව තිබේන ජාතිවාදී ගොත්‍රික දේශපාලනය කුඩුපට්ටම් කර දැමීමය. මැතිවරණවලට යායුත්තේ ඉන් පසුවය. ප්‍රජාතන්ත්‍රවාදයේ නියම ජයග්‍රහණයක් ලැබිය හැක්කේ මිනිසුන්ට නිදහසේ තම අනාගතය ගැන හිතන්න පුලුවන් මානසිකත්වයක් ඇති විටය. වඩා ශිෂ්ට සම්පන්න ලෙස ජිවන පරිසරය සකසා දිමෙන් පසුවය. අනෙකා ගේ අයිතිය වුවමනාව ගැන කල්පනා කල හැකි ඒ වෙනුවෙන් පෙනි සිටිය හැකි මිනිස් සමාජයක මැතිවරණයකදි ප්‍රජාතන්ත්‍රවාදය යන්නට නියම තේරුමක් ලැබෙනවා ඇත.

මේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ගොත්‍රික දේශපාලකයන් සමඟ යා හැක්කේ තවත් ගැ‍ටුම්කාරී කාලකන්ණි යුගයකට පමණි. රාජපක්ෂලාගේ හයිය බින්දුවටම වැටී තිබෙන මේ මොහොතේ එයට යලි නැගි සිටීමට ඇති අවස්ථා සියල්ල අහුරා දැමිම යහපාලන ආණ්ඩුවේ වගකීමකි. ඒ සමස්ථ රටේ ජනතාවගේ හා අනාගත පරපුරේ සුබ සිද්ධිය උදෙසාය.

- කළණමිත්

Last modified on Tuesday, 02 February 2016 23:38

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us