ෆොනී පනී

Published in පුවත්
Wednesday, 03 February 2016 16:46

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම මීට ස්වල්ප මොහොතකට පෙර සිදුවිය.

එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියේදී ක්‍රියා කරන බවට මෙම පක්ෂ දෙක අතර එකඟතාව ඇතිවූයේ අරලියගහ මන්දිරයේදීය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන නායකත්වයෙන් රටට වැඩදායි ඉදිරි ගමනක් යාම තම අපේක්ෂාව බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්‍රම,කබීර් හෂීම්,රුවන් විජේවර්ධන,ලක්ෂ්මන් කිරිඇල්ල අන අය දීර්ඝ කාලයක් තිස්සේ තමාගේ මිතුරන් ලෙස අදටත් සිටින බවත්, ඔවුන්ගේ මිත්‍රත්වය තමාට ශක්තියක් බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

තමන්ද මහත් කැපවීමෙන් යුතුව පත් කර ගත් ජනාධිපතිවරයෙකු රටේ සිටින බවත්, එතුමාද පසුගිය මහමැතිවරණයේදී පවා එජාපය සමග ගමනක් යන ලෙස තමාට ඉඟියක් ලබාදුන් බවත් ඔහු සිහිපත් කළේය.

එහෙත් ඒ මොහොතේ පැවති දේශපාලන තතු සලකා බලා තනිව ගමනක් ගිය බවත්, මේ මොහොතේ රටේ කාලීන අවශ්‍යතාවන් සලකා රටට වැඩදායි යමක් කිරීමේ අභිප්‍රායෙන් මෙලෙස එකඟතාවකට පැමිණි බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද දෙරණ 

Last modified on Wednesday, 03 February 2016 16:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us