මංගල දොට්ට! මෛත්‍රී - මහින්ද එකඟතාවයක්

Published in පුවත්
Thursday, 04 February 2016 09:34
විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඒම තනතුරින් ඉවත් කර ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරයකුට විදේශ ඇමැති ධුරය ලබා දිය යුතු බවට මෛත්‍රී පාර්ශ්වයේ හා මහින්ද පාර්ශ්වයේ  ඉහල මට්ටමේ නියෝජිතයන් අතර එකඟ තාවයක් ඇති වී තිබෙන බව දැනගැනීමට තිබේ. 
 
යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන්  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් එල්ල වී ඇති චෝද්නා විභාග කළ යුතු බවට විදේශ ඇමැතිවරයාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ස්ථාවරයක සිටීම නිසා රාජපක්ෂවරුන් කෙරෙහි හා හමුදාවේ ඉහළ නිළයන් ගණනාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ බුද්ධි මණ්ඩලය නියෝජනය කරන පිරිස් ජනධිපතිවරයාගේ පාර්ශවය හා සකච්ඡා කොට ඇත්තේ   ජිනීවා යොජනා ක්‍රියාත්මක වුවහොත් රටේ බර පතල කැළැඹීමක් සිදු විය හැකි බැවින් එම චෝදනාවල බරපතල බාවය අවම කර දේශීය අධිකරණ පද්ධතිය උපයෝගී කරගෙන මේ චෝදනා විභාග කළ යුතු බවය.
 
එමඟින් සියලු තත්වයන් සමනය කර ගත හැකි බවත් ඔවුන් අවධාරණය කර තිබේ.
 
එක්සත් ජාතීන් යෝජනා කරන විදේශ විනිසුරුවරුන්ගේ සහභාගීත්වය ඇති හයිබ්‍රීඩ් අධිකරණ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කළ යුතු බව ඔවුන් පෙන්වා දී ඇත. කෙසේ වූවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා බීබීසී පුවත්සේවය හා අල් ජසීරා පුවත් සෙවය සමගින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡා වලදී අවධාරණය කළේ  විදේශීය සහභාගිත්වය ට තමා ඉඩ නොතබන බවය.  මෙය මහින්දවාදී විපක්ෂයේද ස්ථාවරය වේ. 
 
එහෙත් ඒ සඳහා විශාලම බාදකය වී තිබෙන විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඉන් ඉවත් කර  ශ්‍රි ලනිපය නියෝජනය කරන මහින්ද සමරසිංහ මහතා හෝ වෙනත් අයකු  ලබන මාර්තුමස ජිනිවා සසිවාරයට පෙර පත් කල යුතු බව එකාබද්ධ විපක්ෂය යෝජනා කර තිබේ.
 
එහි අවසන් අභිප්‍රාය රටේ ස්වාධීනත්වය රැකීම නොව යුධ අපරාධ කරුවන් රැක ගැනීම බව  මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන සියලුම දෙනාට වටහා ගත හැකිය. 
Last modified on Thursday, 04 February 2016 09:41

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us