චම්පික, පෝට් සිටිත් දැන් ශෝක්ද ?

Published in පුවත්
Tuesday, 09 February 2016 11:21

රජයේ ව්‍යාපෘති කඩාකප්පල් කිරීම සඳහා ඇතැමුන් විසින් බොරු ප්‍රචාර ගෙන යන බව මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා ඇත. ඔහු මේ බව පවසා තිබුණේ ඊයේ (8) තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.



අමාත්‍ය වරයා වැඩිදුරටත් පවසා තිබුණේ ඉංජිනේරුවන්ගේ නිවැරදි දත්ත මත පදනම් වෙමින් විද්‍යානුකූලව කටයුතු කරන බවත් දේශපාලන තීන්දු අනුව කටයුතු නොකරන බවය.

කෙසේ වෙතත් පසුගිය 2015 ජනවාරි 8 වැනිදාට යෙදුණු ජනාධිපතිවරණයේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක වේදිකාවන් වල මූලික ම ගැටළුවක් ලෙස කොළඹ වරාය නගරය ඉදිකිරීම ගෙනහැර දැක්වූවා අපට මතකය. වරාය නගරය ඉදිකිරීම දැවැන්ත පරිසර විනාශයක් ගෙන එන හෙයින් තමුන් බලයට පැමිණි වහාම එම ව්‍යාපෘතිය නවතා දමන බවට එවකට විපක්ෂයේ සිටි සහ දැනට ආණ්ඩු බලය හොබවන දේශපාලකයින් වේදිකා දෙදරවමින් පොරොන්දු වූවාද අපට මතකය.

රාජ්‍ය බලය ලබාගැනීමෙන් අනතුරුව චීන බලපෑම් හමුවේ දණින් වැටුණු එම පිරිස් ම වරාය නගරය ඉදිකිරීම වැළැක්විය නොහැකි බව පැවසූහ. කොළඹ වරාය දකුණු දියකඩනය අවට ගොඩකෙරෙනා භූමි ප්‍රමාණය නිසාවෙන් දැනටත් අවට මුහුදු තීරයන් ඛාදනය වීමේ පෙරමග ලකුණු පෙන්වා සිටියි. එමෙන් ම එම මුහුදු ගොඩකිරීම වෙනුවෙන් රට අභ්‍යන්තරයෙන් කැඩෙනා විශාල කළුගල් ප්‍රමාණයද බරපතළ පාරිසරික ගැටළුවලට අතවනයි. මෙම ව්‍යාපෘතිය නිවේදනය කළ දා පටන් පරිසර සංවිධාන දිගින් දිගට ම එල්ල කළ විරෝධය එදා රජය මෙන් ම නව රජය ද නොසළකා හරිමින් සිටී.

කලකට වහ ලු කලකට රස වෙනවාලු කීවාක් මෙන් විපක්ෂයේ සිටියදී පරිසරයට දැවැන්ත හානි ගෙනදුන් පෝට් සිටිය අද වන විට චම්පිකලාට පරිසර හිතකාමී එකක් වී ඇත. නොඑසේ නම් පෝට් සිටියේ පරිසර විනාශයට චම්පිකලාගේ ඇස් අන්ධවී ඇත. කලක් තිස්සේ සිය දේශපාලන ගමනෙහි සුරුවමක් ලෙසින් ඔසවාගෙන ගිය පරිසර සංරක්ෂණය චම්පිකලා විසින් බලය ඉදිරියේ බිම දමා ඇත. ගැලවිජ්ජාව වෙනුවෙන් ඕනෑම එකක් කියනා චම්පිකට අවශ්‍ය නම් අවසානයේ මෙම පෝට්සිටි ව්‍යාපෘතිය මෙම රජයේ එකක් නොව චීන රජයේ එකක් බවට ඇත්තම වුවද කිව හැකිය.

මේ සඳහන් කලේ එක් ව්‍යාපෘතියක් ගැන පමණි. ඉතිරි බොහෝ ඒවායේ තත්වයද අඩුවැඩි වශයෙන් මෙබඳුය. මෙම පරිසර විනාශයන් ගෙනෙන ව්‍යාපෘති විසින් නැවත හැරවිය නොහැකි මට්ටමේ පීඩාකාරී ප්‍රතිපල අනාගත පරපුර වෙත ගෙනෙනු ඇති අතර මේ කයිවාරු ගහනා ඇමතිවරුන් බලධාරීන් කිසිවකුත් එදිනට පිළිතුරු නොබඳිනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us