යෝශිතට සහය දෙන්න ගිහින් ඇණගනී

Published in පුවත්
Tuesday, 16 February 2016 12:49

යෝශිතලා ක්‍රීඩා කරන කාලසීමාවේදී ක්‍රීඩා කළේ පවා ක්‍රීඩා නීතීන් හෝ රටේ නීතිය තුට්ටුවකට නොතකමිනි. තරඟයක් පරාජයට පත්වීනම් ඔවුන් කළේ වියරු වැටී ප්‍රේක්ෂකයින්ට පවා පහර දීමය. මිතුරෙකු වෙනුවෙන් පෙනී සිටීම වෙනම දෙයකි. බලයෙන් උමතු වී මූල්‍ය අපරාධ චෝදනාවකට ලක්ව අධිකරණ ක්‍රියාවලියක් හමුවේ පසුවන චූදිතයකු වෙනුවෙන් ක්‍රීඩාපිටියේ විකාර නැටීම වෙනම දෙයකි. එය කාගේ වුවමනාව වෙනුවෙන් කළ දෙයක්ද යන්න පරීක්සණයක් කළ යුතුව ඇත. එමෙන්ම කණ්ඩායමට අයත් නැති යමක් පැලඳ ගෙන සිටියේනම් එය කුමක්දැයි තරඟපිටියට ඒමට ප්‍රථම අදාල ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කිරීමට අදාල බලදාරීන්ට හැකියාව තිබිණි. එය සිදුවූයේද නැත. 

නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායක යෝෂිත රාජපක්ෂට සහාය පළ කිරීම සඳහා අත්පටි පැළඳ ක්‍රීඩා කළ නාවික හමුදා රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් හතර දෙනාට තරග තහනමක් පැනවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි පවසයි.

‘ නාවික හමුදාව මේ ක්‍රීඩකයන් විනය පරීක්ෂණයකට ලක් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රීඩකයන් හතර දෙනා තරග තහනමකට ලක් කළා. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ නිම වනතුරු මෙම තරග තහනම බලපැවැත්වෙනවා.‘ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව අතර හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ඊයේ (14) පැවති අන්තර් සමාජ ලීග් රග්බි තරගයක දී නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු තම කණ්ඩායමේ හිටපු නායකයාට සහයෝගය දැක්වෙන අත්පටි පැළඳ ක්‍රීඩා කළ බවටයි වාර්තා පළ වී තිබුණේ.


යෝෂිත රාජපක්ෂ නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායකයා වන අතර ඔහුගේ අංකය වී තිබුණේ 07යි. තම කණ්ඩායමේ හිටපු නායකයාට සහයෝගය දැක්වීම පිණිස නාවික හමුදා රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු ක්‍රීඩා කර ඇත්තේ ‘YO 07‘යනුවෙන් සඳහන් අත් පටි පැළඳ ගෙනයි.

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට පත් වන තෙක්ම නාවික හමුදා රග්බ් කණ්ඩායම නියෝජනය කළේය.
- BBC-

Last modified on Tuesday, 16 February 2016 12:53

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us