'දෑවැද්ද' ඉල්ලීම තහනම් කරන්නැයි බිමල් ආණ්ඩුවෙන් ඉල්ලයි

Published in පුවත්
Tuesday, 16 February 2016 15:13

විවාහයේදී දෑවැදි ලබාගැනීමේ ක්‍රමය නීතියෙන්ම තහනම් කළ යුතු බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ද වන ඔහු මේ අදහස් පලකළේ වැලන්ටයින් දිනය නිමෙත්තෙන් සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ (14) මාතර වෙරළ උද්‍යානයේ ‘එන්න ආදරයේ පාට සොයන්න’ නමින් සංවිධානය කර තිබූ වැඩසටනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසාසිටියේ අපේ රටේ තරුණ තරුණියන් මුහුණදෙන අධ්‍යාපන ප්‍රශ්න, රැකියා ප්‍රශ්න අතරට දෑවැද්දක් නැතිකමින් විවාහ වීමට නොහැකිවීමේ ප්‍ර‍ශ්නයද ඇතුළත් බවයි.

ඔහු පවසන්නේ අවශ්‍යනම් දෙමව්පියන් තම දේපලක් දරුවන් හට ලබාදුන්නාට ගැටළුවක් නැති බවයි. එහෙත් වර්තමානයේ අපි 21 සියවස දෙස බලද්දී මෙරට විවහවලදී විශාල වශයෙන් දෑවැදි ලබා ගැනීමේ ක්‍රියාවලිය නිසාම තරුණ තරුණියන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද විශාල පීඩනයකට මුහුණදී ඇති බවයි.

එම නිසා දෑවැදි ක්‍රමය තහනම් කරන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් මෙම පැරැණි ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑමම ලැජ්ජා සහගත දෙයක් බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

මෙරට තරුණයන්ගේ ප්‍ර‍ශ්න ගැන අවධානය යොමු කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ තරුණ තරුණියන්ගේ රැකියා අහිමි කරන “එක්ටා” ගිවිසුම අත්සන් නොකරන ලෙස එම ගිවිසුමට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතාවයක් නිර්මාණය කරන බවයි.

බිබීසි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us