බදුල්ලේදී වෙන්වූ විමල් මොණරාගලදී එක්වේ

Published in පුවත්
Wednesday, 06 August 2014 09:54

ඌව පළාත් සභා මැතිවරණයේ දී බදුල්ල දිස්ත‍්‍රික්කය සඳහා තනිව තරග කළ ද මොණරාගල දිස්ත‍්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්‍ධානය යටතේ තරග කිරීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇත. 

ජාතික නිදහස් පෙරමුණේ 2වන මහා සමුළුව විසින් ජනාධිපතිවරයා හා සන්ධාන ආණ්ඩුව හමුවේ තබනු  ලැබූ හදිසි ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් එකඟතාවය පල කර ඇති හෙයින්, ඊයේ රාත්‍රී මෙම තීරණය ගත් බව එම පක්‍ෂයේ  මාධ්‍ය ප‍්‍රකාශක කොළඹ නාගරික මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පැවසිය. 


" අපි බදුල්ල දිස්ති‍්‍රක්කයට ජාතික නිදහස් පෙරමුණ ලෙස තරග කරන අතර මේ ඇති වූ නව එකඟතාවයත් එක්ක කරුණු 12 යෝජනා 12 සම්බන්ධයෙන් ලිඛිතව ලබා දීම සහ කි‍්‍රයාකාරී සැලැස්මට සන්‍ධානය එකඟ වීමත් සමග මොණරාගල දිස්ත‍්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් තරග කිරීමට තීරණය කළා.... අපේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ශාන්ත ගුණසේකර මහත්මයා අපි මොණරාගල සන්‍ධානයෙන් ඉදිරිපත් කරනවා....  " යයි ඔහු වැඩිදුරටත් පැවසිය. 

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති මෛත‍්‍රිපාල සිරිසේන, ශ‍්‍රීලනිප ජාතික සංවිධායක ඇමති බැසිල් රාජපක්‍ෂ, ශ‍්‍රීලනිප භාණ්ඩාගාරික ඇමති ඩලස් අලහප්පෙරුම විසින්  අත්සන් තබන ලද එකඟතා ලේඛණය මෙහි දැක්වේ.


සටහන 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us