මිහින් ලංකා, ඛනිජ තෙල්, ධීවර පාඩුව කෝටි 971පනී

Published in පුවත්
Wednesday, 06 August 2014 09:38

මිහින් ලංකා පුද්ගලික සමාගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව සහ ලංකා ධීවර සංස්‌ථාව පසුගිය වසරේ දී (2013) රුපියල් නවසිය හැත්තෑ එක්‌කෝටි පහළොස්‌ ලක්‍ෂ විසිහත්දහසක අලාභයක්‌ වාර්තා කර ඇතැයි ඇමැති ඩිව් ගුණසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (5 වැනිදා) ඉදිරිපත් කරන ලද කෝප් වාර්තාවෙන් හෙළිදරව් කර ඇත.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව රුපියල් හයසිය තිස්‌පන්කෝටි දොළොස්‌ ලක්‍ෂ හැටනවදහසක්‌ද, සීමාසහිත මිහින් ලංකා සමාගම රුපියල් තුන්සිය විසිඅට කෝටි හතළිස්‌ හතර ලක්‍ෂයක්‌ද, ලංකා ධීවර සංස්‌ථාව රුපියල් හත්කෝටි පනස්‌ අට ලක්‌ෂ හතළිස්‌ එක්‌දහසක්‌ද අලාභ ලබා ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ඇමැති ඩිව් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම කෝප් කමිටු අතුරු වාර්තාවේ ලාභ ලබන රජයේ වාණිජ ආයතන 18 ක්‌ සහ ලාභ නොලබන රාජ්‍ය ආයතන 29 ක්‌ සම්බන්ධ පරීක්‍ෂණ හා නිරීක්‍ෂණයන් ඇතුළත් වේ. 


මිහින් ලංකා පාඩුව වැඩිවෙලා 
:



2012 වසරේ රුපියල් බිලියන 1.9 ක්වූ මිහින් ලංකා පාඩුව මෙම වසරේ වැඩිවී ඇති බව, කෝප් කමිටුවේ සභාපති අමාත්‍ය ඩිව් ගුණසේකර වාර්තාව පිලිබඳව අදහස් දක්වමින් පැවසුවේය. 

" මිහින් ලංකා පාඩුව වැඩිවෙලා, ඒකට හේතුත් අපි වාර්තාවේ සඳහන් කරලා තියෙනවා, මේ හැම එකක්ම දුෂණ කාරණා නෙවෙයි , මිහින් ලංකා සමාගමට, ශ්‍රී ලංකන් සමාගමට ආණ්ඩුවෙන් මුල්‍ය ප්‍රාග්ධනය දුන්නේ නැහැ, ඔවුන් කිව්වා මේක පටන් ගන්න බැංකුවෙන් ණය අරගන්න කියලා, ඉතින් පොළි ගෙවන්න ගියාම විශාල වශයෙන් ප්‍රශ්න...

සමහර ආයතන තියෙනවා අලාභ අඩු කරගෙන තිබෙනවා, විදුලි බල මණ්ඩලය ලාභ ලබනවා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලාභය අඩු කරගෙන තියෙනවා," කමිටුවේ සභාපති අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසුවේය.

මේ වාර්තාව මගින් රජයේ ආයතනවල ප්‍රමාණවත් විනිවිදභාවයක් දක්නට නොලැබුණු ගනුදෙනු පිළිබඳව සහ පිරිමැසුම්කාරී නොවන ගනුදෙනු පිළිබඳව අනාවරණය කර ගෙන තිබේ.


මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් එක් කරන්න :


ජනතාවගේ මුදල් නාස්තිකරමින් දිගින් දිගටම පාඩු ලබන මිහින් ලංකා වැනි ආයතන සම්බන්ධයෙන් වසරක් වසරක් පාසා වාර්තාවලින් අනාවරණය කිරීමට අමතරව ඒ සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට කෝප් කමිටුව නොහැකිද යන්න පිළිබඳව කෝප් කමිටුවේ සභාපති අමාත්‍ය ඩිව් ගුණසේකරගෙන් විමසු අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් ඔහු මෙසේ පැවසිය. 

" අපිට දැඩි තීන්දු ගන්න බැහැ, දැඩි තීන්දුව ගන්න ඕනේ අදාල අමාත්‍යංශ. ඒක විධායකයේ ප්‍රශ්නයක්, මිහින් ලංකා ප්‍රධාන හේතුව ඔවුන්ට ප්‍රාග්ධනය නොදීම, ඔවුන් ණය ගත්ත දැන් ණය ගෙවා ගන්න බැහැ, ඒකට ලොකු සර්ජිකල් ඔපරේෂන් එකක් කරන්න ඕනේ, අපි යෝජනා කරන්නේ මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් සමාගම් එක් කරන්න කියලා"


විධායකයෙන් අහන්න 


රාජ්‍ය ආයතනවල වැදගත් තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමේදී අවම සුදුසුකම් සලකා බැලිය යුතු බවට ගියවර වාර්තාවෙන් කළ යෝජනාව තවමත් ක්‍රියාත්මකවී නැති බව මෙහිදී අදහස් දැක්වූ කෝප් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසිය. 

මෙහිදී මාධ්‍යවේදිනියක් කෝප් කමිටුවේ සභාපති අමාත්‍ය ඩිව් ගුණසේකරගෙන් විමසුවේ මෙවැනි යෝජනා ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්නයි. ඒ පිළිබඳව තමාගෙන් නොව විධායකයෙන් විමසිය යුතු බව ඔහු පැවසිය. 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us