ජනපතිගේ දින දහදාහ පුස්සක්..ප්‍රාදේශීය ලේකම්වරු වැඩ මඟ හැරලා

Published in පුවත්
Wednesday, 03 August 2016 19:15

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ගේ පාර්ලිමේන්තු දිවියට දින දස දහසක් පිරීම නිමිතතෙන් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් වැඩසටහන් විශාල ප්‍රමාණයයක් යෝජනා කර සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දෙනු ලැබුවද ඉන් සියයට දහයක තරම් ප්‍රමාණයක්වත් සිදුව නොමැති බව වාර්තාවේ.

ශ්‍රමදාන, ජනහමු, ජංගම සේවා, ප්‍රජාසත්කාරක සේවා ආදී වැඩ සටහන් ‍රැසක් මෙහිදි යොජනා කෙරී ඇත. එහෙත් බොහෝ නිලධාරීන් මේ කිසිවක් සිදු නොකට එම වැඩසටහන් සිදු කළාය යනුවෙන් අසත්‍ය වාර්තා ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර තිබේ. එහෙත් ජනාධිපති ලේකම් කාර්යාලයේ කළ සොයා බැලීමකදි මෙ වාර්තාවල අසත්‍ය බව තහවුරුව තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ සොයා බැලීම් වලදී බොහො ප්‍රාදේශිය ලෙකම් වරු ' මේ බොරු වැඩ..,ගමේ සංවර්ධන කටයුතක්වත් නොකර ජනාධිපතිවරයාගේ මේ දිනදහදාහේ ර‍ට්ටු හිනස්වන වැඩ කරන්න ගියාම ජනතාව ඉදිරියේ අපියි පච වෙන්නේ... ආදී වශයෙන් පවසා ඇත. ඒ අනුව මේ නොසලකා හැර තිබේ.


1989 පෙබරවාරි මස 15 වෙනි දින පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මෛත්‍රීපාල සිරිසේන පසුව පැවැති සියලුම මැතිවරණවලින් ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස මෙතෙක් කටයුතු කළේය. පසුගිය ජූලි 26 වැනි දිනට ඒ ගමනේ දින 10000 සම්පූර්ණ විය.

සැබැඳි පුවත්

මෛත්‍රීගේ දින දහදාහේ සැණකෙළිය, ආඬි හත් දෙනාගේ කැඳ හැළිය වගේලු ! 

මෛත්‍රීගේ දිනදහදාට දැවැන්ත සැණකෙළියක්

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us