පොර්ට් සිටියේ වැඩ පටන් ගනී

Published in පුවත්
Tuesday, 09 August 2016 08:20

නව ගිවිසුමකට අනුව පෝට්‌ සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ලබන ඔක්‌තෝබර් මස මුලදී යළි ආරම්භ කිරීමට නියමිතය.

ත්‍රෛපාක්‍ෂික ගිවිසුමක්‌ ලෙස මෙම ව්‍යාපෘතිය සඳහා මහ නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා චීන ඉදිකිරීම් සමාගම එක්‌ව නව ගිවිසුමට ඉදිරි සති කිහිපය තුළ අත්සන් කිරීමට නියමිතය. ඒ කෙසේ නමුත් මෙම ව්‍යපෘතියට අදාලව එල්ල වූ පාරිසරික හා සමාජීය ගැටලු සම්බන්ධයෙන් වන විසඳුම් තවමත් කිසිදු පාර්ශ්වයක් සමත් ව නැත. පෙර පැවැති ගිවිසුමෙහි ශ්‍රි ලංකාවට අවාසිදායකව තිබු කොන්දේසි කිහිපයක් වෙනස් කර ගැනීමට ආණ්ඩුව සමත්ව තිබිණි. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ නාමය වරාය නගරය යන්න වෙනස් කර කොළඹ මුල්‍යමය නගරය ලෙස අර්ථ දැක්වෙන නාමයක් පාවිච්චි කිරීමටද නියමිතය'

මීට පෙර පසුගිය රජය පෝට්‌ සිටි සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුමේ කරුණු කිහිපයක්‌ නව ගිවිසුමේ ඇතුළත් කර ඇති අතර චීන සමාගමට සින්නක්‌කරව ලබාදී තිබූ හෙක්‌ටයාර් 20 ක භූමි ප්‍රමාණය නව ගිවිසුම යටතේ අනූනව අවුරුදු බදු පදනම යටතේ ලබාදෙනු ඇත. එමෙන්ම එම කාලය ගෙවීමෙන් පසුව දෙපාර්ශ්වයේ එකඟතාව මත යළි තවත් 99 අවුරුදු බද්දකට එය යටත් කළ හැකිය.

එමෙන්ම පෝට්‌ සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් නැවැත්වීම පිළිබඳව අදාළ චීන සමාගමට ගෙවිය යුතු ප්‍රමාද ගාස්‌තු වෙනුවට අමතර හෙක්‌ටයාර් 02 ක්‌ චීන සමාගමට ගොඩකර ගැනීමට ඉඩ ලබාදෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us