ගබ්සා කතාව ගැන සොයන්න ඕමානයට !

Published in පුවත්
Wednesday, 06 August 2014 10:13

ඕමාන තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ සිටියදී කාන්තාවක බලහත්කාරයෙන් ගබ්සාවකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකිරීමට පත් කළ විශේෂ කමිටුව කඩිනමින්  ඕමානය බලා පිටත්ව යාමට නියමිතය. 

විදේශ රැකියා ප‍්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ උපදෙස් පරිදි මෙම පියවර ගත් බව එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළේය.

මේ වසරේ ජනවාරි මාසයේ  ඕමානයේ රැකියාවකට ගිය මෙම කාන්තාව එරට හාම්පුතෙකුගෙන් අතවරයට ලක්වී ඇති අතර අනතුරුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය  ඕමානයේ පවත්වාගෙන යන සුරක්ෂා නිවසට යොමුකර තිබිණ.


ගැබ් ගෙන ඇති මෙම කාන්තාවට තර්ජනය කර එරට පෞද්ගලික රෝහලකදී සුරක්ෂා නිවසේ නිලධාරින් විසින් ගබ්සාවක් කරවා ඇති බවට ඇගේ සැමියා චෝදනා කරයි. තමන්ට ද තර්ජන එල්ලවී ඇති බව ඔහු කියා සිටියි.

තම බිරිඳට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් නීතියෙන් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඔහු ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිල්ලක් කර ඇත. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us