2021 එජාප ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී

Published in පුවත්
Friday, 13 January 2017 00:30

2021 වසරේ පැවැත්වීමට නියමිත මීලඟ ජනාධිපතිවරණයේ හෝ මහ මැතිවරණයේ අගමැති ධුර එජාප අපේක්ෂකයා ලෙස මේ වන විට එජාපයේ ප්‍රබලයන් ගනනාවක් ලක ලැහැස්ති වුණද එජාපයේ දේශපාලන මතය හා එම පක්ෂය නියෝජනය කරන සමාජ පංතිය අනුව ඒ වෙනුවෙන් පෙනි සිටිය හැකි හොඳම අපේක්ෂකයා විය හැක්කෙකු එජාපය තුල නොවීම සහ එජාපය තුල මේ වන විට ගොඩ නැගී ඇති නායකත්ව කල්ලි සටන අනුව එජාපය බෙදි වෙන්වී යාම සමහන් කළ හැකි නායකත්වය ලෙස හොඳම තේරීම වන්නේ වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය බවට එජාපයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකු එජාප නායකත්වය ට යෝජනා කර ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් පසුව එජාප නායකත්වය සඳහා අපේක්ෂා සහගතව සිටින රවී කරුණානායක, සජිත් ප්‍රේමදාස, කරූ ජයසූරිය දයා ගමගේ, වජිර අබේවර්ධන හා ලක්ෂ්මන් කිරිඇල්ලේ වෙනුවට එජාප සමඟිය ආරක්ෂ කළ හැකි නායකයා ලෙස මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියව වඩ සුදුසු බව මෙම කණ්ඩායමේ මතය වී ඇත.

ඇයගේ උගත්කම, පරිචය, සමාජශිලිත්වය හා එජාපයේ පළමු කාන්තා නායිකාව වශයෙන් එජාපය ශක්තිමත් කිරීමේ හැකියාව ඇති බවත් පොදු මහජනතාවගේ කැමැත්ත ඇයට පහසුවෙන් ලබා ගත හැකි වනු ඇති බවත් මෙම ජේෂ්ඨයන්ගේ මතය වී තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us