ජවිපෙට බැරිවුණ දේ අපි කරනවා

Published in පුවත්
Wednesday, 06 August 2014 13:47
ලංකා දේශපාලනයේ දශකයකට අධික කාලයක පුරා ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බවත් ඒ සදහා සටන ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කළත් පසුව ඔවුන් එය අතහැර දැමුවා. අපි උත්සාහ ගන්නේ ජවිපෙ නවතා දැමූ තැනින් එය ආරම්භ කිරීමට බවත් පළමු පෙරමුණ සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික කැළුම් අමරසිංහ පවසයි. 
 
ඔහු මේ බව පවසා සිටියේ අද(06) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ ලංකා දේශපාලනයෙන් තුරන්ව ගිය ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස ස්ථාපිත කරදීම සදහා කටයුතු කිරීමට පිහිටුවා ගත් බවත් ඒ සදහා මහජන පෙළගැස්ම තම සංවිධානය පිහිටූ බවත්ය. 
 
පළමු පෙරමුණ සංවිධානයේ ක්‍රියාකාරීත්වය එළැඹෙන 15 වන දින පැවැත්වෙන සංවිධානය එළිදැක්වීමේ පළමු රැළියේදී හෙළිදරව් කරන බව ද ඔහු පෙන්වා දෙයි. 
 
මෙම මාධ්‍ය හමුව සදහා පළමු පෙරමුණ සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකයින් වන කැළුම් අමරසිංහ, හිටපු ධිවර ඇමැති හා ජවිපෙ දේශාපලන මණ්ඩල සභික චන්ද්‍ර සේන විජේසිංහ, නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවෙගම යන අය සහභාගී වි සිටියේය.
 
FristFront
 
 

 

Last modified on Wednesday, 06 August 2014 14:51

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us