විප්ලවවාදී පක්ෂයක අලුත් අවුරුදු පණිවුඩය

Published in පුවත්
Friday, 29 December 2017 11:49

අප දැනට භාවිතා කරන දින දර්ශනයට අනුව 2017 වසර ගෙවී ගොස් අපි 2018 නව වසරට පා තබා සිටිමු. වසරක් ගෙවී නව වසරක් උදාවන විටම සුපුරුදු සම්ප්‍රදායට අනුව සුබ නව වසරක් වේවායි කවුරුත් එකිනෙකාට සුබ පතා ගනිති. සුබ පැතුම් පත් යවති. මෙම ක්‍රියාවලිය අප දන්නා කාලයක සිට සිදු වුවද වසර ආරම්භයේදී අප එකිනෙකාට සුබ පතා ගත්තද අපේ සමාජයේ සාතිශය බහුතරයකට ගෙවුන වසරවල් සුබ වූයේ නැත. සත්‍යය එයයි.

අපේ රටේ ජනතාව 2017 වසර නිමාකොට 2018 නව වසරට පා තබන්නේ පැරණි අර්බුද හා අභියෝග රැසක්ද පොදි බැඳගෙනය. රටේ ආර්ථිකය අන්තයටම පිරිහී ඇත. රට ණය බරින් මිරිකෙන අතර ජනතාව බදු බරින්ද, ජීවන බරින්ද මිරිකී හෙම්බත්ව සිටිති. ඉදින් කෙසේ නම් නව වසර සුබවේද? අපේ රට සාමාජීය වශයෙන් පිරිහී ඇත. වංචාව, දූෂණය, හොරකම ඉහළ සිට පහළ දක්වා පැතිරී ඇත. ලංකාව ලෝකයේ දූෂිතම රටවල් අතර හතරවැනි තැනට පත්ව ඇත. ඉතින් හිස් වචනවලින් සුබ පැතූ පමණින් නව වසර සුබ වේද? මෙය නව වසරේ අප සැම සිතා බැලිය යුතු කරුණය.

කෙසේ වෙතත් නව වසර සුබ කර ගැනීමේ මගක් අප ඉදිරියේ තිබේ. ඒ ජනතාවක් ලෙස මෙතෙක් අනුගමනය කරන ලද අසාර්ථක දේශපාලන මගින් ඉවත්ව නව දේශපාලන ගමනකට ප්‍රවිෂ්ට වීමට අදිටන් කර ගැනීමය. නිදහසින් පසු ගෙවුණු වසර 70ක අත්දැකීම් ගුරුකොට ගනිමින් විඩාවට පත් අපේ ජනතාව අලුත් අවුරුද්දේ අලුත් දේශපාලන තීරණයක් ගැනීමට තරම් සමත් නම් නව වසර මෙන්ම ඉදිරි අනාගතයද නියත ලෙසම සුබ වනු ඇතැයි අපි දැඩිව විශ්වාස කරමු. ඒ සඳහා පැරණි වසරේ පැරණි දේ අතහැර දමා ජීවිතය අලුත් කර ගන්නාසේ පැරණි මතවාද, ආකල්ප අත්හැර දමා නව අදහස්, සිතුවිලි හා ආකල්පවලින් සමජය දෙස බලා තීරණ ගැනීමට අප එඩිතර විය යුතුය.

පැරණි වසරේ පැවති කැලැන්ඩරය ගලවා දමා නව කැලැන්ඩරයක් පාවිච්චියට ගන්නාසේ පැරණි වසරේ පැරණි දේශපාලන තීරණ, පැරණි මතවාද හා ආකල්ප හැර දමා නව මගකට යා යුතුය. මෙම වසර ආරම්භ වන්නේ ඒ සඳහා වන අනගි අවස්ථාවක්ද සහිතවය. වෙනස ඉන් ආරම්භ කළ හැකිය.
එබැවින් අලුත් අවුරුද්දේ පැරණි අසාර්ථක සියලු දේ පසෙකලා අලුතින් සිතා අලුත් තීරණ ගැනීමට සූදානම් වන ඔබ සැමට ඒ සඳහා ධෛර්යය පතන අපි, අලුත් අවුරුද්ද එහි සැබෑ අර්ථයෙන්ම සුබ අලුත් අවුරුද්දක් වේවායයි සුබ පතමු.

අනුර දිසානායක
නායක
ජනතා විමුක්ති පෙරමුණ
2018.01.01

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us