විරුද්ධ මතධාරීන් මරා දැමිය යුතු බව කියන වියත් මඟ සහය පොහොට්‍ටුවට

Published in පුවත්
Saturday, 30 December 2017 09:15

පළාත් පාලන මැතිවරණයේදී පොහොට්‍ටු කල්ලියට සහාය ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ මූලිකත්වයෙන් පිහිටුවා තිබෙන 'වියත් මඟ' සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලය එකඟතාවකට පැමිණ ඇත.

ඒ අනුව වෘත්තීයවේදීන් කියා ගන්නා අන්ත්වාදීන් ජාතිවාදීන් ආගම් වාදීන් ඇතුළු පිරිසකගේ එකතුවකින් පිහිටුවා ඇති වියත් මඟ සංවිධානය ලබන 2 වැනිදා පළාත් පාලන මැතිවරණයට පොහොට්‍ටු කල්ලිය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන අවස්ථාවට එක්වීමට නියමිත බවද එම සංවිධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

වියත් මගෙහි ප්‍රධානියකු වන විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පසුගිය දිනෙක කියා සිටියේ නව ව්‍යවස්තාවක් කෙ‍ටුම්පත් කිරීමේ ක්‍රියාවලියට සහභාගි වන සියලු දෙනා මරා දැමිය යුතු බවය. දැඩි දෙමළ විරෝධියකු වන ගුණරත්න උතුරේ යුද්ධයේදී හමුදා සාමාජිකයන් විසින් දෙමල ජාතිකයන්ට සිදු කරන ලද හිරි හැර දෙස බලා තමන් සතු‍ටු වූ බව ඔහු විසින් ලියන ලද කෘතියක සඳහන් කරද තිබිණි.

මේ අනුව පොහොට්‍ටු කල්ලියේ ජාතිවාදී ස්ථාවරය හා මේ ඊනියා වියත්තු නැවත වතාවක් එකවිට පරාජය කිරීම අවස්ථාවක් ශ්‍රිලංකීය බුද්දිමත් ජනතාවට ලැබී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us