සම්බුද්ධ ශාසනය නසන චීවරධාරීන් පිරිසක් !

Published in පුවත්
Thursday, 07 August 2014 10:56

සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට සංඝ සමාජය ලෙසින් පෙනී සිටිමින් චීවරය දරාගත් පිරිසක් කටයුතු කරමින් සිටින බව අග‍්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය, දි.මු. ජයරත්න මහතා අවධාරණය කර සිටියි.

 මෙය ජාත්‍යන්තර හෝ අභ්‍යන්තර බලපෑමක ප‍්‍රතිඵලයක් විය හැකි බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

බුද්ධ ශාසන අමාත්‍යාංශයට විවිධ පාර්ශවයන්ගෙන් එල්ලවන චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා  ඊයේ කැඳවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්  අග‍්‍රාමාත්‍ය දි.මු. ජයයරත්න මෙම අදහස් පළ කළේය. 

 '' සමහර පුද්ගලයෝ සිවුරු පොරවාගෙන, මාධ්‍ය දාන්නේ චීවරධාරීන් කියලා. ඒ අය විශාල වශයෙන් වැරදි කරනවා. නොයෙක් වැරදි කරනවා. කළිසම් ඇදගෙන යනවා. මේ වාගේ තත්ත්වයක් සංඝ සමාජය කියලා පිටස්තර පිරිසක් කි‍්‍රයාත්මක වෙනවා. නියම හාමුදුරුවරු නෙවෙයි. ති‍්‍රපිටකය අනුව ජීවත් වන ස්වාමීන් වහන්සේලා නෙවෙයි. මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිවුරු දරාගත්ත පිරිසක් කි‍්‍රයාකාරන බව පේනවා. මෙය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් වෙන්නත් පුළුවන් අභ්‍යන්තර කුමන්ත‍්‍රණයක් වෙන්නත් පුළුවන්. '' යයි ද අගමැතිවරයා පැවසිය. 


රාවණා කියන්නේ ගැණු හොරෙක් :



බුද්ධ ශාසන අමාත්‍යංශය අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉවත් කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ ‘රාවණා බලය’ සංවිධානය පිළිබඳව ද අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රතිචාර දක්වමින් මෙසේ පැවසිය. 


'' රාවණා බලකාය කියනවා මේකේ මොනවත් කරලා නැහැ ඒ නිසා අගමැතිවරයා අස්කරන්න  ඕනි කියලා. අපිට ලිපි වගයක් ලැබුණා රාවණා ආගම කියලා. රාවණා ආගමට මෙලෙස වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට නොදීම වැරදියි කියලා. එය දැන් ආගමක් බවට පරිවර්තනය වෙලා. රාවණා කියන්නේ කාන්තාවන් හොරෙන් අරන් ගිය කෙනෙක්. ඉතිහාසයේ ලොකු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් චරිතය එහෙමයි. ඉතින් කොහොම හාමුදුරුවරු එහෙම කරන්නේ. ''

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us