අපිට ඕන උනේ ශ්‍රීලනීපය සීසී කඩ කරන්න. ඒක අපි කළා - ජී එල්

Published in පුවත්
Monday, 09 April 2018 22:00

අගමැති රනිල් වික්‍රමසිංහ ඉලක්ක කරමින් ගෙන ආ විශ්වාසභංගයෙන් තමන් බලා පොරොත්තු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සී සී කඩ කර ඉහිරවා දැමීමත් ආණ්ඩුව තුළ පැතිරීමක් සහිතව ගැටලු මතුකර එය අවුල් කර දැමීම බව පොදුජන එක්සත් පෙරමුණේ නායක මහාචාර්ය ජී එල් පීරිස් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

විශ්වාසභංගයෙන් බලාපොරොත්තු වූ දේ සිදු වුයේ නැති බවට මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිලිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

ජී එල් පීරිස්ගේ හේතු දැක්වීම අනුව මෙම විශ්වාසභංගයට සහය වූ පොහොට්‍ටු කණ්ඩායමේත් ශ්‍රීලනීප කණ්ඩායමේත් අරමුණ වී ඇත්තේ ශ්‍රීලනීපය විනාශ කිරීම පමණක් නොව ආණ්ඩුවද විනාශ කර රට අරාජික කර අවසානයේ ජනාධිපතිවරයාගේ පැවැත්මද අහෝසිකර දැමීම බව පැහැදිලිය. එනම් ශ්‍රිලනිපයේ 16 දෙනාගේ කල්ලිය යනු ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් රටත් ජනතාවත් විනාශ කිරීම වෙනුවෙන් කල්ලි ගැසුනු මජර කාලකණ්නි කණ්ඩායමක් බවය.

කෙසේ නමුත් මෙම විශ්වාසභංගයේ අවසන් ප්‍රතිපළය වනු ඇත්තේ ශ්‍රීලනීපය කැබලි වීම බව අප මීට පෙර පෙන්වා දී ඇත්තේමු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිගින් දිගටම මහින්ද රාජපක්ෂගේ ලණු ගිලීමත්, කිලී මහරාජා වැන්නවුන් විසින් රූඩයක් ලෙස නැටවීමත් හා ගොබ්බ ජනාධිපති උපදේශකයන්ගේ ගොබ්බ උපදෙස් නිසා ජනාධිපතිවරයා දේශපාලනික අනාතයෙක් බවට පත්ව හුදකලා වීමකට ලක්වන බව අප වෙලාසනම පෙන්වා දුන්නෙමු. අද ජී එල් පීරිස් සපත කළේ ඒ සත්‍යය.

එහෙත් ජනාධිපතිවරයා තමන්ගේ ග්‍රාම්‍ය දේශපාලන චින්තනයෙන් තවමත් අත් මිදීමට සමත් නැති තත්වයක් තුල.. ඔහුම 2008 ජනවාරි 08 වෙනිදා පැවසූ ලෙස පැරදුනා නම් ඉන්න වෙන්න අඩි හයක් යටය කියන කියමන සනාත කරමින් නුදුරේම ඒ වළ ඔහු විසින්ම කපා ගනු නියතය. එය ද අප මෙසේ වේලාසන ලියා තබමු.

Last modified on Monday, 09 April 2018 22:05

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us