වාහන මිල ගැන ඇත්ත මෙන්න (වීඩියෝ) Featured

Published in පුවත්
Thursday, 02 August 2018 19:25

එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැඩිවීම නිසා විදේශ විනිමය පිට රටට ගලාගෙන යෑම වැළැක්වීමට එම ධාරිතාවයට අයත් වාහනවල බදු වැඩි කිරීමට කටයුතු කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

වාහන තීරුබදු ගාස්තු වැඩි කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට විශේෂ මාධ්‍ය හමුවක් අද (02දා) කොළඹදී පැවැති අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවැසීය.

.“අපි 2018 අයවැයෙන් එන්ජින් ධාරිතාව මත බදු අය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. ඒ තුළින් මේ රටේ වාහන ලබාගන්නා ජනතාවට විශාල සහනයක් වුණා වගේම. ඒතෙක් තිබුණ ක්‍රමය නැවැත්වීම මගින් රජයට අහිමි වූ ආදායමත් විශාල වශයෙන් ඉහළ ගියා. මේ ක්‍රමය ඒ ආකාරයෙන්ම ඉදිරියට යන ගමන්ම අපිට පෙනුණා පොඩි වාහන ලංකාවට ගෙන ඒම සුනාමියක් බවට පසුගිය කාලයේ පත්වෙමින් තිබුණා.

ජනවාරි සිට මැයි මාසයට පමණක් එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන හැම මාසයකම වගේ 4500ක් පමණත් මේ කාණ්ඩයේ වෑන් මසකට 1000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ආවා. මෙය අපේ විදේශ විනිමය අනුපාතයට විශාල පීඩනයක් ඇතිවුණා.

මෙය ඩොලරය අවපාත වීමටත් හේතුවක්. පසුගිය වසරේ පළමු මාස පහට වාහන සඳහා භාවිත වුණ විදේශ විනිම ඇමෙරිකානු ඩොලර් මිලියන 316 එමේ වසරේ ඒම කාලයට එය දෙගුණයක් වෙලා ඩොලර් මිලියන 666ක් බවට පත්වෙලා ති‌යෙනවා. මහ බැංකුවේ ඉල්ලීම මත මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තීරණයක් ගත්තා.

මේ බද්දත් අපි 2014ට වඩා ගෙවූ බද්දට වඩා අඩුයි. පසුගිය රජයේදී 1000CC වාහනයකට 150%ක බද්දක් රාජපක්ෂ රජය අයකළා.”

 

 

Last modified on Thursday, 02 August 2018 19:28

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us