සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක්

Published in පුවත්
Friday, 18 May 2018 09:40

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ.

 

ජාත්‍යන්තර කටයුතු හා සබඳතා පිළිබඳ තිස් වසරකට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඉකුත් වසර දෙකේදී ( 2016 – 2018 දක්වා) රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වරයා වශයෙන් කටයුතු කර ඇත.ඒ මහතාගේ ධූර කාලය තුළ දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා පුළුල් ලෙස වර්ධනය විය.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ ශ්‍රී ලංකා ජනාධිපති වරයකු රුසියාවේ නිල සංචාරයක යෙදීමේ කටයුතු සංවිධානය කිරීම මෙන් ම දෙරට අතර ඇති වූ තේ අර්බුදය මෙරටට වාසි සහගත වන ආකාරයෙන් විසඳා ගැනීමට ද වෛද්‍ය සමන් වීරසිංහ මහතා විශාල වැඩ කොටසක් සිදුකරනු ලැබීය. රුසියානු ජනාධිපතිවරයා ගේ නිර්දේශය මත විදේශිකයෙකුට ප්‍රදානය කරනු ලබන ඉහළ ම සම්මානය වන රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ එක ම ශ්‍රී ලාංකිකකයා ද වනුයේ සමන් මහතාය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us