''පංචශීලයත් නොරකින්නන් පනවන කතිකාවත් අපට මොකටද?'' Featured

Published in පුවත්
Thursday, 02 August 2018 20:05

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු භික්ෂු කතිකාවත් පනත වහා ඉවත් කර ගන්නට කටයුතු නොකළ හොත් එහි පනවන නීති රීති ලත් තැනම ලොප් කරන්නට සංඝ සමාජය කටයුතු කරන බව සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

සංඝ කතිකාවත් අවශ්‍ය පමණට බුදුරජානන් වහන්සේ පනවා ඇතැයි ද එකී සංඝ කතිකාවත් තිබිය දී පංචශීල ප්‍රතිපත්ති වත් නොරකින පිරිසක් පනවන කතිකාවත් මහා සංඝ රත්නයට කුමකට දැයි උන් වහන්සේ විමසූහ.

ආනන්ද හිමියන් මේ අදහස් පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ අද (2) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ මෙසේ ද කීහ.

‘‘බුදු හිමියන් කතිකාවත් පිළිබඳ බුද්ධ දේශනයේ සඳහන් කළා. වැරදි කරන අවස්ථාවල දෙන දඬුවම් ද නියම කළා. වරදක් කළොත් බ්‍රහ්ම දණ්ඩනය පැනවිය හැකියි. මේ නීති රීති තියෙද්දී තවත් කතිකාවත් මොකටද? මේ හදන්නේ අනවශ්‍ය විදියේ ගැටුම් ඇති කරන්නයි. එවැනි ප්‍රශ්න ඇති නොකර ඉන්න කියා අපි ආණ්ඩුවට කියනවා.

ඒ සමඟම තවත් කරුණක් කිව යුතුයි. සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය දඩයමක් ලෑස්ති කරලා. මාධ්‍ය හසුරුවන්න මේ වගේ මිනිස්සු වැඩිකල් පවතින්නේ නැහැ. කොතලාවල මහත්තයාගේ කාලෙත් මේ වගේ මිනිස්සු හිටියා. යහපාන ආණ්ඩුව මේවා කරන්න ලෑස්ති වුනාට වැඩක් නැහැ.

මම හොරකම, වංචාව දූෂණය වගේ දේවල් වලින් තොරයි කියල ජනාධිපතිතුමා කියල තියෙනවා. ඒක හොඳයි, නමුත් වටේ අය ඒ සකල විධ වැරදි කරනවා. කොන්ද පණ නැති කැබිනට් එකක් ගැන සමහර ඇමතිවරු කියනවා. ඒ වුණාට ඒ කියන ඇමතිවරුන්ටත් කොන්දක් නැහැ.

තමන් අවංක නම් ශික්ෂාකාමි නම් ඒ මට්ටමට තමන්ගේ ගෝල බාලයොත් හදන්න ඕන. නැත්නම් මේ යහපාලන ආණ්ඩුව ගෙදර යන්න ඕන. අපට පුළුවන් තායිලන්තයේ වගේ කරන්න යැයි ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.‘‘

Last modified on Thursday, 02 August 2018 21:52

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us