පාප්තුමන් මරණ දඬුවමට එරෙහි වෙයි

Published in පුවත්
Thursday, 02 August 2018 21:19

“මරණ දඬුවම” පිළිගත නොහැක්කක් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කර ඇතැයි වතිකානය අද (2දා) සඳහන් කළේය.

මේ අනුව කතෝලික පල්ලියේ ඉගැන්වීම් යාවත්කාලීන වනු ඇත. 


“සුබාරංචියේ ආලෝකය ගැන කතෝලික ඉගැන්වීමක් තිබෙනවා. ඒ අනුව මරණ දඬුවම පිළිගත නොහැක්කක්. මරණ දඬුවම පුද්ගලයකු අභිමානයට සහ ගෞරවයට එල්ල කරන ප්‍රහාරයක්’” යනුවෙන් නව ප්‍රකාශයක් ඇති කර ඇත.

කතෝලික පල්ලියේ ඉගැන්වීම්වලට අනුව ඇතැම් අවස්ථාවලදී මරණ දඬුවම පිළිගැනුණි.

ශුද්ධෝත්තම පාප්වහන්සේ මීට පෙර අවස්ථා කිහිපයකදීම මරණ දඬුවමට එරෙහිව අදහස් දක්වා තිබිණි.

මරණ දඬුවම පිළිබඳ කතෝලික පල්ලයේ ඉගැන්වීම ස්ථිතික එසේත් නැතිනම් නිශ්චල බවත් එය නූතන සමාජයට ගැලපෙන පරිදි වෙනස් කළ යුතු බවත් පාප් වහන්සේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශ කළේය.

දැනට පවතින කතෝලික පල්ලියේ ඉගැන්වීම් පිළිබඳ ප්‍රශ්නෝත්තර සංග්‍රහය මුල් වරට සකස් කරන ලද්දේ 1992 වසරේදීය. ඒ එවකට පාප් ධුරය හෙබවූ අති ශුද්ධෝත්තම දෙවැනි ජෝන් පාවුළු පාප්තුමන් විසිනි.

Last modified on Thursday, 02 August 2018 21:51

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us