'මන්ත්‍රී වැටුප් සත 5ක් වැඩි කරන්න දෙන්නේ නෑ'- ජනපති Featured

Published in පුවත්
Sunday, 05 August 2018 09:55

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප සත පහකින් හෝ වැඩි කරන්නට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

එම තීන්දුව කොතැනකදී ගත්තද එය සම්මත කිරීම සදහා කැබිනට් මණ්ඩලයට ආ යුතු බවත් එය සම්මත වීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඒ මහතා සදහන් කලේ පොලොන්නරුව නව වෙලද සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම සදහා පැවති උත්සව සභාව අමතමිනි.

ජනාධිපතිවරයා ලෙස තමන්ගේ වැටුපද රුපියල් 95,000ක් පමණක් බවත් දීමනා කිසිවක් නොලැබෙන බවත් ඔහු පැවසීය.

තමන් ලබා ගන්නා වැටුප මෙන් හතර ගුණයක් පමණ අදටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලබා ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

ඉකුත් වසර තුන තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට විටින් විට කටයුතු කර ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා, ඒ අවස්ථාවලදී ජනාධිපතිවරයා හැටියට තමාගේ වැටුප වැඩි කිරීමට පැමිණි යෝජනා තමා තරයේ ප‍්‍රතික්ෂේප කළ බව ද සඳහන් කළේය. ජීවන වියදම ඉහළ යෑම ඇතුළු ආර්ථික ගැටලු බොහෝමයක් විසඳා ගැනීමට උත්සාහ ගනිමින් සිටින මේ අවස්ථාව මැති ඇමති වැටුප් වැඩි කිරීමට කොහෙත්ම සුදුසු නොවන බව ද වැඩිදුරටත් පැවසීය.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us