මේ පුංචි රටේ ෆීලිංස් වලට හර්ට් කළේ නැති ඔබට තුති Featured

Published in පුවත්
Monday, 10 September 2018 11:57

2009 පසු තරගාවලි තුනේම අනු සූරියන් වූ ශ්‍රී ලංකාව ආසියානු කිරුළ දිනන්නේ වසර 9 ට පසුව ය. මේ ලංකාව ආසියානු සූරියන් වූ පස් වැනි වතාවය.

2009 දී ආසියානු සූරතාව දිනූ කණ්ඩායමේ පුහුණුකාරිනිය වූ තිලකා ජිනදාසව ලාංකේය දැල්පන්දු ක්ෂේත්‍රයෙන් පළවා හළ අතර ඉන්පසු එක වතාවක් හෝ ආසියානු සූරියන් වීමට ලංකාවට අවස්ථාව නොලැබිණ.එහි වගකීම භාරගත යුත්තේ එවකට හිටි , පක්ෂග්‍රාහී , අධිමානී සහ උද්ධච්ඡ දැල්පන්දු පුහුණුකාරිනියන් ය. පොර කිකිළියන් සේ එකිනෙකා කොටා ගනිමින් ක්‍රීඩිකාවන්ට අපහාස කළ , ඕපා දූප පැතිරවූ , විශ්‍රාම යා යුතු වයසේදී ද තනතුරු වලට කෑදරකම් කරමින් දැල්පන්දු පරිපාලනයේ එල්ලී සිටි නොහික්මුණු ගැහැණුන් රොත්තය.

2018 දී තිලකා ජිනදාස බෘනායි කණ්ඩායම අතහැර නැවත පැමිණ කණ්ඩායම භාරගෙන යළිත් වතාවක් ආසියානු කිරුළ ලංකාවට දිනා දුන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.

තිලකා ;

ඔබ , ඔබ යටතේ සිටි ක්‍රීඩිකාවන් සියලු දෙන සම්බන්ධව ගෞරවනීය ලෙස අදහස් දැක්වූවාය. තමා යටතේ සිටින්නේ තමා වන්ම , යොවුන් ගැහැණු දරුවන් කණ්ඩායමක් බව මැනවින් වටහාගෙන ඔවුන්ගේ ආත්ම ගෞරවය සුරැකෙන ආකාරයට කණ්ඩායම පිළිබඳ අදහස් දැක්වූවා විනා ගොසිප් මාධ්‍යයන්ට විහිළු කටගැස්ම සපයන පුහුණුකාරිනියක් නොවූවාය. වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ කාලාන්තරයකට පසු ශ්‍රී ලාංකේය දැල්පන්දුව තුළ දුටු ස්වයං විනයක් සහ පරිණත බවක් ඇති බුද්ධිමත් ගැහැණියක ලෙස කටයුතු කළාය. තිලකා ජිනදාස !

ආසියානු සූරතාව දිනා දීමේ කාරණාව අමතක කර පසුගිය කාලවකවානුව පුරා දැල්පන්දු පරිපාලනයේ නොහික්මුණු ගැහැණු නිසා පීඩාවට සහ අසාධාරණයට පත් දැල්පන්දු ක්‍රීඩිකාවන් වෙනුවෙන් මේ උත්තමාචාරය පිළි ගන්න. ආසියානු සූරතා කවදා හෝ දිනාගත හැකිය. ඔබ කාන්‍තා කණ්ඩායමක ආත්ම ගෞරවය සමග ආසියානු සූරතාව දිනා දීමට සමත් වූවාය.

චතුරංගි ජයසූරිය ; දර්ශිකා අබේවික්‍රම ඇතුළු සමස්‍ත කණ්ඩායමට අපගේ ගෞරවනීය සුබ පැතුම්. විශේෂයෙන්ම අත හැර සිටි දැල්පන්දු පිටියට යළි පිවිස , දැල්පන්දුව නිසා උපන් ගමෙන් ඈත්ව හුදෙකලා ජීවිතයක පීඩා විඳිමින්, නුපුරුදු සංස්කෘතියක ගැටීමේ ආතතිය විඳින තර්ජනී සිවලිංගම්ට ගෞරවනීය ආදරය පුද කරමි. ආසියානු කුසලානයට මග පෑදු ජෙයන්ති සෝමසේකරම් ඇතුළු වත්මන් පරිපාලනය වෙත උණුසුම් සුබ පැතුම් සහ තුතිය පිරි නමමි. ඔබගේ සහාය ද අමතක කළ නොහැකිය

අවසාන වශයෙන් සමස්ත දැල්පන්දු කණ්ඩායමටම මෙසේ පවසමි !

ඔබ අපේ , මේ පුංචි රටේ ෆීලිංස් වලට හර්ට් කළේ නැත. බොහොම ස්තුතියි.

- සහන් කසීර වික්‍රමසිංහ -

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us