'ප්‍රමිතියෙන් ඉහළ මුද්‍රණ හා ඇසුරුම් අපනයනයෙන් වැඩි ආදායමක්'

Published in පුවත්
Wednesday, 19 September 2018 14:27

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීම සඳහා සූදානම් කළ යුතු බවත්, ඒ සඳහා මුද්‍රණ නිමාව හා ඇසුරුම්කරණය ඉතා වැදගත් වන බවත්, ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහිත මුද්‍රණ හා ඇසුරුම් අපනයන මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් හොඳ ආදායමක් උපයාගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව (BMICH) හි පැවති "Lanka Pak 2018" මුද්‍රණ හා ඇසුරුම්කරණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙම ප්‍රදර්ශනය සඳහා මුද්‍රණ හා ඇසුරුම්කරණ ක්‍ෂේත්‍රයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් ප්‍රදර්ශන කුටි 150 කට වැඩි ප්‍රමාණයක් පවත්වනු ලැබීය. ආසියාවේ ඇසුරුම්කරණ සම්මේලනයේ සහාය ඇතිව ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

" භාණ්ඩ හා සේවා ඇසුරුම්කරණය හා ඒ ආශ්‍රිත මුද්‍රණ කර්මාන්තයට ව්‍යාපාරික ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා. එම නිසාම ගුණාත්මක බවින් හා ප්‍රමිතියෙන් ඉහළ ඇසුරුම් හා මුද්‍රණ අපට අවශ්‍ය වෙනවා. ඒ අනුව අනාගත වෙළෙඳ ලෝකය ජයගැනීමට එක්සත් ජාතීන්ගේ ගෝලීය ඉළක්ක සපුරන පරිසර හිතකාමී ඇසුරුම්කරණයකට අප යොමු විය යුතු වෙනවා. මේ මගින් අපගේ කීර්තිනාමයද ඒ රටවල්වල ජනප්‍රිය කරවීම ඉතා වැදගත් වෙනවා. එමෙන්ම අපි නැවත භාවිතා කළ හැකි (Re Used) නවෝත්පාදක ඇසුරුම්කරණ භාවිතයට යොමු වීම ඉතා වැදගත් වෙනවා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ වෙළෙඳ ගණුදෙනු ප්‍රමාණය 2016 සමග සංසන්දනය කරන විට එය සියයට 18 කින් වර්ධනය වී තිබෙනවා. එනම්, 2016 දී වෙළෙඳ ගණුදෙනු ප්‍රමාණය ඩොලර් බිලියන 4.3 ක් වූ අතර එය 2017 දී ඩොලර් බිලියන 5.1 ක් දක්වා වර්ධනය වී තියෙනවා.

එසේම ව්‍යාපාරික ලෝකයට තම නිෂ්පාදන හා සේවා ලබා දීමට මෙම ඇසුරුම්කරණ හා මුද්‍රණ කර්මාන්තය ඉතා වැදගත් වෙනවා. තම භාණ්ඩයට ඉතා හොඳ ඉහළ මිලක් වටිනාකමක් ලබා ගැනීමට ඇසුරුම්කරණය මෙන්ම එහි අන්තර්ගතය, නිමාව ඉතාමත් වැදගත් වෙනවා. එම ඇසුරුම්රණය භාණ්ඩ හා සේවාවන්ට ඉතා ඉහළ අගයක් මෙන්ම වටිනාකමක් ලබා දෙනවා. එසේම මෙම ප්‍රදර්ශනය තුළ ඇසුරුම්කරණ යන්ත්‍ර සූත්‍ර මෙන්ම නවීන මුද්‍රණ යන්ත්‍ර සූත්‍ර ද හඳුන්වාදෙන බැවින් අපගේ ව්‍යාපාරික ප්‍රජාවට දැනුම මෙන්ම ඉතා හොඳ සේවාවක් තෝරාගැනීමටද හේතු වෙනවා. එසේම මෙහිදී විවිධ සාකච්ඡා, දේශන, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වෙන නිසාම දැනුම හුවමාරු කරගැනීමටත්, නව තාක්‍ෂණය පිළිබඳව අධ්‍යයනය කිරීමටත් හැකි වෙනවා.

අනෙකුත් ව්‍යාපාර ක්‍ෂේත්‍ර මෙන්ම මෙම ඇසුරුම්කරණ හා මුද්‍රණ කර්මාන්ත ක්‍ෂේත්‍රය ද මේ වන විට මුළු ලෝකයේම තර්ජනයට ලක් වෙලා තියෙනවා. මීට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ, පිට ඇසුරුම් හා ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි මට්ටමේ ඇසුරුම් නිසා, ලෝකයේ බොහෝ රටවල් මෙන්ම අප වැනි රටවල් ද විශාල අභියෝගයන්ට මුහුණ දී ලා තියෙනවා. එම නිසා අපි මේ වන විට නැවත නැවතත් භාවිතයට ගත හැකි, එසේම වෙනත් අවශ්‍යතා සඳහා ද නැවත භාවිතා කළ හැකි නවෝත්පාදන ඇසුරුම්කරණ විසඳුම් සොයමින් සිටිනවා. මේ නිසා පාරිභෝගික පසු ඇසුරුම්කරණය දේශීය හා විදේශීය වශයෙන් සුවිශාල වූ අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. එම අභියෝග ජය ගෙන එක්සත් ජාතීන්ගේ ගෝලීය ඉළක්ක ජයග්‍රහණය කරන්න පරිසර හිතකාමි ඇසුරුම්කරණය සඳහා අපි යොමු විය යුතුයි. ඒ සඳහා ජනාධිපතිතුමා අගමැතිතුමා අපිට සුවිශාල සහයෝගයක් ලබා දෙමින් පරිසර හිතකාමී ඇසුරුම් සඳහා දිරිය ශක්තිය ලබා දෙනවා. එම නිසා අපට ඇසුරුම්කරණ ක්‍ෂේත්‍රයේ සුවිශාල ජයග්‍රහණ රැසක්ම හිමි කර ගැනීමට හේතු වෙනවා." යැයි පැවසීය.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ඉන්දියා නියෝජ්‍ය මහ කොමසාරිස් ශිල්පා එන්. ඇම්බුලේ, ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනයේ සභාපති අනුරාධ ජයසිංහ, ආසියානු ඇසුරුම්කරණ ස්මමේලනයේ සභාපති රොහාන් වික්‍රමසිංහ, ඇසුරුම්කරණ සංවර්ධන ක්‍ෂේත්‍රයේ සභාපිත ජේ.ඩී.සී. පෙරේරා මහත්වරුද මෙහිදී අදහස් දැක්වීය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us