සහතික ඔක්කොම විනාඩි 5කින් බත්තරමුල්ලෙන්

Published in පුවත්
Tuesday, 18 September 2018 12:39

ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල පදිංචි පුද්ගලයන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහිතකවල පිටපත් බත්තරමුල්ලේ රෙජිස්ටර් ජනරාල් කාර්යාලයෙන් විනාඩි පහක කාලයක කායලයක් තුල කඩිනමින් ලබා දීමේ සේවාව ඊයේ (17දා) සිට ආරම්භ වී තිබේ.

මෙම වැඩසටහන යටතේ 1960 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා මෙරට උපන්, විවාහ වූ සහ මරණයට පත්වූ අයගේ සහතික සියල්ල කඩිනමින් ලබාගැනීමේ හැකියාව ලැබේ.

මින් පෙර දිවයිනේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 අතරින් 183ක පමණක් මෙවැනි සේවාවක් පැවතුණි.ඉදිරියේදී මාලිගාවත්ත සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් මධයම ලේඛනාගාරයේ ද මෙම කඩිනම් සේවාව ආරම්භ කිරීමට නියමිත බව වාර්ථා වෙයි.

පෙර පැවැති පටිපාටියට අනුව උප්පැන්න සහතියකයක් ලබාගැනීමට නම් තමන් උපන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යායුතු වූ අතර විවාහ සහතික හා මරණ සහතික සදහා ක්‍රියාත්මක වූයේද එවැනිම පටිපාටියකි. එම නිසා ජනතාව මහත් අපහසුතාවයන්ට පත්වූ අතර නව ක්‍රමය යටතේ 1960 වර්ෂයෙන් පසු නිකුත් කළ උප්පැන්න සහතික, විවාහ සහතික සහ මරණ සහතික පිටපත් කර දත්ත ගබඩාවකට අතුලත් කර ඇති අතර කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇති සේවා කවුළු දෙකකින් ඕනෑම අයකුට මේ සේවාව දැන් ලබාගත හැකියි.

2012 වසරේ සිට මේ දක්වා වන සහතික දත්ත ගබඩාවන් ඇතුලත් කිරීම මේ වන තෙක් අවසන් වී නොමැති අතර එය අවසන් වූ වහාම එම වර්ෂ වලද සහතික ලබාගැනීමේ පහසුව සපයන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ඉදිරියෙ දී උප්පැන්න සහතික රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සන සහිතව නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් සකස් කරමින් පවතී.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us