රජය පිළිගත් නිතිමය තත්වයන්ට එරෙහිව යමින් අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ගැන රජයේ ජේෂ්ඨතම පරිපාලන නිළධාරීන් සිය විරෝධය පළ කර තිබේ. අද උදෑසන ජනාධිපතිවරයා හමුවී ඇති ජනාධිපති ලෙකම්, නව අගමැති ෙල්කම් හා ජේෂ්ට අමාත්‍යංශ ලෙකම්වරු ජනාධිපතිවරයා විසින් තමාට නැති විධායක බලතල පාවිච්චි කරමින් ව්‍යවස්ථා විරෝධී ලෙස සිදු කරන පත් කිරීම් අනුව කිසිසෙත්ම තමන්ට අමාත්‍යංශ මට්ටමින් කිසිදු නීතිමය පිළිගැනීමක් සිදු කළ කොහැකි බවට පවතින නීතියද පෙන්වා දෙමින් අවධාරණය කර තිබේ.
	   
	  	  	  
	  
	  	
පාර්ලිමේන්තුව කැඳවා බහුතරයේ කැමැත්ත අනුව අගමැතිවරයා නම් කිරීම ප්‍රථමයෙන් සිදු විය යුතු බවත් ඉන් අනතුරුව ඇමැති මණ්ඩලය නම් කිරීම විය යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.
එසේ නොවන තත්වයක් තුල කිසිදු ඇමැතිවරයකු පිළිගැනිමට තමන්ට කළ නොහැකි බවත්.මේ තත්වය බරපතල ව්‍යවස්ථාමය ගැටලුවක් ඇති කරනු බවත් පෙන්වා දී ඇත. ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගය ඒකාධිපති පාලකයකුගේ මුහුණුවරක් ගන්නා බවත් ඔවුන් පවසා ඇත.
මේ අනුව ජනාධිපතිවරයාද මහින්ද රාජපක්ෂ ඇතුලු කණ්ඩායමද බරපතල ගැටලුවකට මුහුණ දී ඇත.