දෙන්නම් කාසි වලට දුන් ඇමැතිකම් යළි අත්හරින ලකුණු. බැසිල් දුන් ලණුව දැන් දිරවගනන් බැහැයි ලු

Published in පුවත්
Thursday, 01 November 2018 14:06

මහින්ද රාජපක්ෂගේ නායකත්වය පිළි ගනිමින් ඔහුගේ ආණ්ඩුවේ ඇමැතිකම් බාර ගත් එජාපයේ මන්ත්‍රීවරු තිදෙනෙකු යළි ඇමැතිකම් අත් හැර දැමීමේ සුදානමක පසුවේ.

ඇමැතිකම් වල මේ වන විට දිවුරුම් දුන්නද තමන්ට පොරොන්දු වු මුදල් ගෙවීමට බැසිල් රාජපක්ෂ පාර්ශ්වය මඟහැරීම නිසා යළි ඇමැතිකම් අත්හැර එජාපයට එක්වන වන බව මේ තිදෙනා අනතුරු හඟවා ඇති බව දැන ගැනිමට තිබේ. යම් කිසි විදිහකින් තමන්ගේ ගනුදෙනුව නිසියාකාරව සිදු නොවුන හොත් යළි එජාපය වෙත පැමිණෙන බව මේ 3 දෙනා එජාපයේ ජෙෂ්ඨයෙකු හමුවේ පවසා ඇති අතර ඊට ඉඩක් ලබා දෙන ලෙසද ඉල්ලීමක් කර ඇත. කෙසේ නමුත් එජාප ජේෂ්ඨයා පවසා ඇත්තේ. යලි රෙද්දක් ඇඳගෙනද එජාපයට එන්න හදන්නේ කියාය. ඊට කිසි සේත්ම තමන් ඉඩ නොදෙන බව ඔහු පවසා ඇත.

කෙසේ නමුත් මෙම ඇමැතිවරුන්ට රුපියල් කෝටි 30 වෙනුවට රුපියල් කෝටි 05 ක අත්තිකාරම් මුදලක් පමණක් ලබා දි තිබේ, බැසිල් රාජපක්ෂගේ අපේක්ෂාව වී ඇත්තේ මහින්දගේ ආණ්ඩුවක් කෙසේ හෝ පිහි‍ටුවා අය වැය යෝජනාවක් ගෙන විත් තමන්ගේම ආණ්ඩුව පරදවා මහ මැතිවරණයක් වෙත යාමය.
එම නිසා පැත්ත මාරු කරන කිසිවකුට හෝ පොරොන්දු වු මුදල් ලබා නොදී වංචාසහගතව කටයුතු කිරීමක් මෙහිදී සිදුව තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us