NGO වලට විදෙස් ආධාර එන එක වළක්වන්න.. මහින්ද ලැහැස්තියි

Published in පුවත්
Sunday, 04 November 2018 21:05

මහින්ද රාජපක්ෂ, රනිල්ගේ අගමැතිකම හොරා කෑ පසු අපේ ‍රටේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙක් රාජපක්ෂ හමු වීමට ගොස් තිබේ. එහිදී ඔවුන් සියලු දෙනාගේ එකතුවෙන් සකස් කළ යෝජනාවලියක් රාජපක්ෂට ලබා දීමට ඔවුන් කටයුතු කර ඇත.

විමල් වීරවංශගේ චක්ගෝලයන්ගෙන් සැදුම් ලත් මේ ජාතිවාදී විශ්ව විද්‍යාල ආචාරීන්ගේ සංවිධානයක් වන මෙහි ලේකම් මහාචාර්ය චන්න ජයසුමන රාජපක්ෂ වෙත සිය සංවිධානයේ සාමාජිකයන්ගේ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. කරුණු 5කින් සමන්විත වන මෙම යෝජනාවලියේ අවසාන කරුණ ලෙස රාජ්‍ය නොවන සංවිධාන සඳහා විදේශයෙන් පැමිණෙන ආධාර ලැබෙන විධි නවත්වන ලෙස හා එම ආධාර පිළිබඳව රජයේ පූර්ණ අධීක්ෂණයක් සිදු කරන ලෙස සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සංහිඳියාව හා පශ්චාත් යුද සමයේ දී සිවිල් වැසියන්ගේ කායික මානසික සුභසාධනය වෙනුවෙන් රටේ විශාල වැඩකොටසක් සිදු කළ රාජ්‍ය සංවිධාන මෙසේ අඩපණ කිරීම මගින් පුරවැසියන්ගේ සත්‍ය ගැටලු සැඟවීමේ දිගුකාලීන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ කල්ලිය අර අදිමින් සිටියි.

2015ට පෙර රටේ භීෂණය දූෂණය හා නාස්තිය වැපිරූ රාජපක්ෂ නඩය මේ ගෙවී ගිය වසර තුන තුළ පුරවැසියන් දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදය මුලිනුපුටා දැමීමට ජනාධිපති සිරිසේනට කළ හූනියමම දැන් රටේ ජනතාවටද කරමින් සිටින බව නොරහසකි.


http://srilankabrief.org/2018/11/sri-lanka-stop-foreign-funding-to-ngosrescind-the-oisl-report-resolution-301-pro-rajapaksa-professionals/

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us