අගමැති රනිල් ඉවත් කිරීමෙන් ඩොලර් බිලියන 2ක් ව්‍යාපෘති අහිමි වෙයි Featured

Published in පුවත්
Sunday, 04 November 2018 21:52

ඇමරිකා එක්සත් ජනපදය හා ජපානය ඩොලර් බිලියනයකට වැඩි සංවර්ධන ව්‍යාපෘති තමාව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීමත් සමඟ හකුළා ගත් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙම ආර්ථික සංවර්ධන ව්‍යාපෘති හකුළා ගැනීම සහ යුරෝපා සංගමයේ අනතුරු හැඟවීම් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳාම සඳහා වන

තිරු බදු සහනය අහිමි වීමට ඉඩ ඇති බව රොයිටර් පුවත් සේවය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී වික්‍රමසිංහ මහතා පවසා තිිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 500ක් වටිනා අධීවේගී මාර්ග ව්‍යාපෘතියක් සහ රාජ්‍ය අරමුදල් ඇතිව ඉඩම් පරිපාලනය කිරීමේ (Millenium Challenge Corporation)අමෙරිකානු ව්‍යාපෘතිය හා ජපාන ව්‍යාපෘතිය වන අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මෙලෙස තාවකාලිකව නතර කර දමා තිබේ.

මෙම MCC ව්‍යාපෘතියේ නියෝජිතයන් මගින් වොෂින්ටන් හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය වෙත අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දමන බව දන්වා ඇත. ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලන අර්බුදය හමුවේ මෙම තීරණය ගත් බව ඔවුන් තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us