එජාප අගමැති අපේක්ෂක සජිත්, ජනාධිපති අපේක්ෂක රනිල්..! Featured

Published in පුවත්
Saturday, 10 November 2018 13:22

කවර තත්වයක් හමුවේ හෝ ඉදිරි මහ මැතිවරණයට හා ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා එජාපය අද උදෑසන පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් ‍රැස්වීමේදී තීරණාත්මක කරුණු කාරණ රැසක් සාකච්ඡාවට ගෙන තිබේ.

මෙහිදී මහ මැතිවරණයේ වෙනුවෙන් අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු බවට බහුතරයක් දෙනා යෝජනා කර ඇත. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවටත් මෙහිදී යෝජනා කෙරී ඇත. එම මත දෙක සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් විසින් දක්වා තිබේ. අද සවස තවත් තීරණත්මක රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බව පැවසේ.

මේ අතර එජාපය වෙනුවෙන් නායකත්ව මණ්ඩලයක් නිර්මාණය කර ඒහි සභාපතිත්වය කරූ ජයසූරිය මහතා පත් කළ යුතු බවටද යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

Last modified on Saturday, 10 November 2018 13:27

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us