මහින්දගේ ජනමහිමය, ජාතිවාදයයි.! ජාත්‍යන්තර මාධ්‍ය ලෝකයටම පෙන්වා දෙයි Featured

Published in පුවත්
Monday, 12 November 2018 11:41

මහින්ද රාජපක්ෂ තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ආරම්බ කරන්නේම සිංහල ජාතිවාදය පදනම් කරගෙන බවට හොඳම උදාහරණය රොයිටර් බීබීසී වැනි ජාත්‍යන්තර මාධ්‍ය විසින් ලෝකයටම පෙන්වාදි තිබේ. මේ සමඟ වන ඡායාරූප එම පුවත් සේවාවන් විසින් පළ කර ඇත්තේ මහින්දගේ ජාතිවාදි ප්‍රවේශය ගැන කියන්නටය. මහින්දගේ ජාතික කොඩියේ කොළ හා තැඹිලි වර්ණ තීරු දෙක නැත.

සිංහල බෞද්ධ ජාතිවාදය පදනම් කරගත් මහින්දගේ පසුගිය වසර 9 ක පාලන සමය තුලදී මෙරට සුළු ජාතිකයනට සුළු ආගමිකයන්ට පන්න පන්නා පහර ගැසූ අයුරු අමතක කළ යුතු නැත. 2015 ඓතිහාසික පරාජයෙන් පසුවත් මහින්ද ඇතුලු නඩය කටයුතු කළේ මේ වර්ගවාදී ස්ථාවරයේ අඩිය තබා ගෙනය.

කෙහෛාමත් මහින්දගේ මීළග පිම්ම ජාතිවාදයම බවට අමුතුවෙන් සැක කළ යුතු නැත.

මෙරට දෙමළ මුස්ලිම් ජනතාවට නැවතත් තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන බියෙන් සැකෙන් ජීවත් වීම ගැන සිතන්නට සිදුව තිබේ. 2015 දී මේ කාලකන්නි ජාතිවාදී ඒකාධිපති මිලිටරි පාලනය පෙරළා දැමිම ගැන වැඩියෙන්ම සතු‍ටු වුයේ සිංහල බෞද්ධ නොවන මේ පීඩාවට පත් සහෝදර ජනතාවයි.

සැම පුරවැසියකුටම හිමි නිදහස සහ අයිතිවාසිකම් යහපාලන රජය විසින් නොපිරිහෙලා ඉ‍ටු කළ අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේද පැසැසුමට ලක් විය.

ජාත්‍යන්තර මාධ්‍ය මහින්දගේ අලුත් ප්‍රවේශයේ භයංකරකම ගැන කතා කරන්නේ යළි මේ රට වර්ගවාදී යුද්ධයක් කරා ඇදී යාමේ බරපතල අනතුරක් පැහැදිලිව දකින්නට ලැබෙන නිසාය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලන පිහි‍ටු විය යුතු බව විශ්වාස කරන ප්‍රගතිශීලි මිනිසුන් මහින්ද රාජපක්ෂගේ මේ ජාතිවාදී ප්‍රවේශය යළිත් වතාවක් තීරණාත්මක ලෙස පරාජය කිරීමට අසමත් වන්නේ නම් එය තමන්ගේ, තමන්ගේ දරු පරපුරේ යහපත් අනාගතය විනාශ කිරීමට දායක් වීමක් ලෙස කල්පනා කළාට වරදක් නැත.DrvIHBAXcAAbblyDrvKPb WwAAmcFpmr flage

Last modified on Monday, 12 November 2018 11:42

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us