සිරිසේන විනාශ කළ ශ්‍රිලනිපය ‍රැකගැනීමේ වගකීම චන්ද්‍රිකා බාරගනී ! Featured

Published in පුවත්
Sunday, 11 November 2018 21:38

2015 ජනවාරි අට වනදා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින් ජනතාවට ද්‍රෝහී වූ කොටස් සමඟ එක්වී ශ්‍රිලංකා නිදහස් පක්ෂය යටපත් කිරීමට ගන්නා උත්සාහය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තරයේ හෙළා දකි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව පැවසයි.

ජනවාරි අට ශ්‍රිලනිපයත් අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් ඒකරාශි කරගෙන වැදගත් රටක් පිරිසිඳු පාලනයක් ගොඩනැගීම සඳහා කළ සටන ජය ගත්තත් ශ්‍රිලනිප විරෝධී කොටස් පොහොට්‍ටු පක්ෂයට එක්වී ශ්‍රිලනිපය යටපත් කිරීම සඳහා උත්සාහයක් දරමින් තිබෙන බව ඇය අවධාරණය කරයි.

එමෙන්ම, ශ්‍රිලනිපය අත්හැර මොනයම් හෝ පක්ෂයකට කවුරු ගියත් තමන් පක්ෂය අත් නොහරින බවත් වැටී තිබෙන පක්ෂය යළිත් වතාවක් ගොඩනගා ජයග්‍රාහි මාවතට ගෙන ඒම සදහා සැබෑ ලෙසම ශ්‍රී ලනීප යට ආදරය කරන පාක්ෂිකයන් සමඟ තමන් ද ඇප කැප වෙන බවත් ඇය සපත කර සිටී.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දුමින්ද දිසානයක ඇතුළු කණ්ඩායමක් සමඟ බණ්ඩාරනායක මහත්මිය අද දිනයේ විශේෂ සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වූ බවය.

Last modified on Sunday, 11 November 2018 21:48

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us