එලිලන්ගේ බිරිඳ ආනන්දි සසිදරන්ට පොහොට්‍ටුවෙන් ආරාධනා

Published in පුවත්
Tuesday, 13 November 2018 14:41

මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු ලකුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් උතුරු පළාත් සභාවේ කාන්තා හා ළමා කටයුතු හිටපු ඇමතිනි ආනන්දි සසිදරන් මහත්මියට ආරාධනා කර තිබේ.

කරුණා අම්මාන් සිය ට්විටර් පණිවුඩය මගින් මේ බව සඳහන් කර ඇත. එහිදී අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ රජයක් යටතේ විසඳුම් ලබා ගත හැකි බව ද ඔහු සඳහන් කර තිබේ.

පසුගිය කාලයේ රාජපක්ෂ ජාතිවාදී නඩය විසින් කොටි ලේබලය අලවා මාධ්‍ය ඔස්සේ එක දිගට අපහාසයට ලක් කළ ආනන්දි සසිදරන්ව දැන් පොහොට්ටුවට එක් කර ගැනීමේ තෝල්කයා වී ඇත්තේ කරුණා අම්මාන් ය.

ආනන්දි සසිදරන් සිය අතුරුදන් වූ සැමියා වන එල්ටීටීඊ දේශපාලන කොමිසාර්වරයකු වූ එලීලන් සසිදරන් ගේ අතුරුදන්විම සම්බන්ධයෙන් දිගින් දිගටම සටන් කළ අතර ඒ සම්බන්ධයෙන් රාජපක්ෂලාගෙන් ඇයට ලැබී තිබුණේ ත්‍රස්තවාදී ලේබලය ඇලවීම පමණි. එලිලන් හමුදා කඳවුරකට බාර වීමෙන් පසුව මරා දම ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ සහාය පොහොට්ටුවට නොලැබෙන පසුබිමක උතුරු නැගෙනහිර දෙමළ පුරවැසියන්ගේ ඡන්ද බිලි බාගැනීමේ වෑයම ආනන්දි සසිදරන් හරහා සිදු කිරීම පොහොට්ටු කල්ලියේ අරමුණ වී ඇති බවත් එහි මැදිහත්කරුවා ලෙස කරුණා අම්මාන් කටයුතු කරන බවත් පෙනී යන කරුණකි.

ආනන්දි සසිදරන් නිල වශයෙන් "ඊලම් තමිල් සුවයාච්චි කළහම්" (දෙමළ ඊළාම් ස්වාධීන සංවිධානය) යන නමින් සිය නව දේශපාලන පක්ෂය පසුගිය ඔක්තෝබර් 21දා ආරම්භ කර තිබුණි. ඒ අනුව එතෙක් තමා දැරූ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වයෙන් හා අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ඇය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණි. ආනන්දි සසිදරන් මහත්මිය ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට විරුද්ධව කටයුතු කරන බවට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබඳව පක්ෂය පැවැත්වූ විනය පරීක්ෂණයකින් පසුව ඇයව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කෙරිණි.

 unnamed

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us