සිරා + මරා සන්ධානය හදන්නේ චතුරිකා වෙනුවෙන්.! පොහොට්‍ටුවෝ මාරාවේශ වෙති

Published in පුවත්
Tuesday, 13 November 2018 15:31

එළඹෙන මහ මැතිවරණයේදි ජනාධිපති දියණි චතුරිකා සිරිසේන පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට ගන්නා උත්සාහයට පොලොන්නරුවේ පොහොට්‍ටු සාමාජියෝ මේ වන විට මහින්ද රාජපක්ෂට දන්වා ඇත්තේ කිසිසේත්ම ඊට ඉඩ දිය යුතු නැති බවය.

ජනාධිපති සිරිසේන ශ්‍රිලනිප ය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැඟීමේ මූලිකම අරමුණ වී ඇත්තේ තම දියණිය පාර්ලිමේන්තුවට ගැනීමෙ වුවමනාවෙන් බව මෙම පොහොට්‍ටු සාමාජිකයන් පවසයි.

ජනාධිපතිවරයා විසින් ශ්‍රීලනිපය මුලුමනින්ම රාජපක්ෂවරුන්ට පාවා දීමෙන් පසුව ශ්‍රිලනිපය කෙරෙහි පාක්ෂිකයා කළකිරී ඇති මොහොතක ජනපති දියණි චතුරිකාට ශ්‍රි ලනීපයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ නොහැකිය.පසුගිය පලාත්පාලන මැතිවරණයේදි ශ්‍රීලනිපය වෙනුවෙන් වැඩ කළ ශ්‍රීලනීප පාක්ෂිකයන්ට පොහොට්‍ටු පාක්ෂිකයන්ගෙන් තර්ජන ගර්ජන වලට ලක්වීමටද සිදු විය

පොළොන්නරු දිස්ත්‍රීක්කයේ පොහොට්ටු පක්ෂයේ නායක, හිටපු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතා බලවත්සේ කලබලයට පත්ව සිටින බව ඔහු අද මව්බිම පුවත්පතට කර තිබෙන ප්‍රකාශයෙන් ද පැහැදිලිය.

දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව අමතමින් පැවැති ජන හමුවකදී රොෂාන් රණසිංහ මහතා පැවැසූවේ පොහොට්ටුවෙන් මිසක වෙනත් ලකුණක් යටතේ ඡන්දය ඉල්ලන්න සූදානම් නැති බවය.

එසේම ඔවුන්ට අවශ්‍යව තිබුණේ ඡන්දයකින් දිනලා මහින්ද රාජපක්ෂ ගෞරවනීය විදියට ඉස්සරහ ‍දොරෙන් අගමැති වෙනවා දකින්න බවත් කුමන්ත්‍රණකාරී ලෙස අගමැතිකම ලබා ගැනීම සදාචාරාත්මක නැති බවත් ඔහු පවසා ඇත.

Last modified on Tuesday, 13 November 2018 15:36

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us