ශ්‍රී ලංකන් ගුවන් සේවාවට බිලියන 93 පාඩු කළ කපිල චන්ද්‍රසේනට සභාපතිධුරය ! Featured

Published in පුවත්
Tuesday, 13 November 2018 16:32

ශ්‍රී ලංකන් ගුවන් සේවාව රුපියල් බිලියන අනූතුනක් හා තවත් මිලියන තුන්සිය අසූඑකක අලාභයක් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එවකට ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනව එම සමාගමේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අද පත් කර තිබේ

ශ්‍රීලංකන් ගුවන් සේවයේ සිදුව තිබෙන අක්‍රමිකතා පරීක්ෂා කිරීම සඳහා පත් කළ ජනධිපති කොමිසම හමුවේ පසුගිය ජුලි (23) දා එම ගුවන් සේවා සමාගම් ලේකම්වරිය ඩැල්රීන් තිරුක්කුමාර් මහත්මිය ලබාදුන් සාක්ෂිවලින් මෙම බරපතල අක්‍රමිකතාවය ගැන හෙළිදරව් විය.

චන්ද්‍රසේන මහතා එම ධුරයට පත්කිරීමට ඒ මහතාගේ සුදුසුකම් මොනවාදැයි හෙළිදරව් කිරීමට චන්ද්‍රසේනගේ ජීවදත්ත ඇතුළත් ලේඛනයක් හෝ සුදුසුකම් පිළිබඳව සඳහන් වෙන කුමන හෝ ලේඛනයක් පෞද්ගලික ලිපි ගොනුවේ නොමැති බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් එහිදී සාක්ෂි දෙමින් ප්‍රකාශ කළාය.

චන්ද්‍රසේන ධුරය දරද්දී ප්‍රධාන විධායක නිලධාරි වැය මධ්‍යස්ථානය (COST Centre) මඟින් වසර 2011 සිට 2015 දක්වා වියදම් කර තිබෙන මුදල රුපියල් මිලියන අනූහය ඉක්මවා ගොස් තිබෙන බවත් වසර 2011 සිට වසර 2015 මාර්තු 09දා දක්වා එම ධුරයේ ක්‍රියා කර තිබෙන බවත් සාක්ෂිකාරිය පැවසුවාය.

. වසර 2008දී අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ අධ්‍යක්ෂක ධුරයට පත්විය. මහින්ද රාජපක්ෂ බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමල් සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ ගේ සභාපතිත්වයෙන් පැවැති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමකින් අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියකින් ප්‍රධාන විධායක නිලධාරි ලෙස කපිල චන්ද්‍රසේන වසර 2011 අගෝස්තු පළමුවැනිදා පත්කෙරිණි.

ඔහුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ පහළවකි. ඊට අමතරව නිවාස, ජංගමදුරකථන දීමනා, විදේශීය දුරකථන ඇමතුම් දීමනා, සීමාරහිතව ඉන්ධන සමඟ මෝටර් රථයක්, රියැදුරුවරයෙක් ඇතුළු විවිධ දීමනා ඔහුට ලැබුණි. වසර 2014දී සීයට පහකින් නැවත ඔහුගේ වැටුප අධ්‍යක්ෂක මණ්ඩලයෙන් වැඩිකර තිබේ. තවද වසර 2011 සිට 2015 දක්වා ලක්ෂ දෙකක පමණ මුදලක් ක්ලබ් සාමාජිකත්වය වෙනුවෙන් ද වෘත්තීය සාමාජිකත්වය වෙනුවෙන් තවත් විශාල මුදල්ද ඔහුට ගෙවා තිබේ.

Last modified on Tuesday, 13 November 2018 16:35

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us