පාර්ලිමේන්තුව ‍රැස්කරයි. සිරා + මරා පූට්‍ටුව බහුතරය නැතුව අර්බුධයක. මන්ත්‍රීධූරත් අහිමි වෙයි !

Published in පුවත්
Tuesday, 13 November 2018 18:43

සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රි ලංකාවේ ප්‍රජාතනත්‍රවාදය අධිකරණයේ සුරක්ෂිත භාවය ගැන කොළ එළියක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ජනාධිපතිවරයාගේ නියෝගයට එරෙහි පෙත්සම් සියල්ල විභාග කිරීමටත් ඊට එරෙහිව එදිරිපත් කර තිබු පෙත්සම් සියල්ල ප්‍රතිෂේප කිරීමටත් අධිකරණය කටයුතු කිරීම සුභවාදී අපෙක්ෂාවන් දල්වාගැනීමට හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ නමුත් කතානායක කරූ ජයසුරිය මහතා ජනාධිපතිවරයාගේ නියෝගයන් ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා තමන්ට පැවැරී ඇති බලතල ප්‍රකාරව සහ මන්ත්‍රීන් බහුතරයක් පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවට කර තිබූ ඉල්ලීමත් නිසා කතානායකවරයා පාර්ලිමේන්තුව රැස් කිරීමට නියමිත බව දැන ගැනීමට තිබේ.

මේ අනුව පාර්ලිමේන්තුව රැස් කළ වහාම හොර අගමැති මහින්ද රාජපක්ෂට තමන්ගේ බහුතරය පෙන්වීමට සිදු වනු ඇත. වාර්ථාවන ලෙස මහින්ද රාජපක්ෂට සහය පළ කරන්නේ මන්ත්‍රී වරු 68 දෙනෙකු පමණය. ඒ අනුව අනිවාර්යෙන්ම රාජපක්ෂගේ හොර ආණ්ඩුව නිශ්ප්‍රභාවන අතර යලි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආගමැතිවරයා ලෙස පිලිගැනිමට ජනාධිපතිවරයාට සිදු වනු ඇත.

එමෙන්ම ශ්‍රිලනිපය අත් හැර පක්ෂය මාරු කළ මහින්ද රාජපක්ෂ ඇතුළු නඩයට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයන්ද අහිමි වීම සිදුවනු ඇත. පක්ෂය සාමාජිකත්වය වෙනස් කිරීමේ හැකියාවක් කිසිදු මන්ත්‍රීවරයකුට නොමැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us