රාජ්‍ය මාධ්‍ය අල්ලාගෙන සිටි මහින්දගේ පඟරනැට්ටන් ආගිය අතක් නෑ

Published in පුවත්
Tuesday, 13 November 2018 19:04

සිරිසේන ජනාධිපතිගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය අත්හිටුවීමේ අතුරු නියෝගයත් සමඟ රාජ්‍ය මාධ්‍ය ආයතනවල සිටින මහින්දගේ හොර ගොබිලන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද රාජපක්ෂ හොර අගමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ රාජපක්ෂගේ බත් බැලයන් ආයතනවලට කඩා පැන නිළධාරීන්ට තර්ජනය කර එලවා දමා ඒවායේ පාලනය අත්පත් කර ගත්තේය. රාජපක්ෂවාදීන් නොවන සියලුම සේවකයන්ට තර්ජනය කරමින් ආයතනයෙන් එලවා දැමීමටද කටයුතු කළේය.විශේෂයෙන්ම අයි ටී එන් හී බලය අල්ලාගත් සුදර්මන් රදලියගොඩ සහ ඔහුගේ ගෝල බාලයන් පසුගිය කාලයේ කටයුතු කළේ අතිශය සාහසික ලෙසය. නිළදාරීනට සහ සේවකයන්ට පහර දීම සේවිකාවන් ලිංගිකමය බලපෑම් කිරීම ඉල්ලීම දිගින් දිගටම සිදුව පැවැතිනි

ලේක්හවුස්, රූපවාහිනි හා ITN යන ආයතනවල පසුගිය 26 වැනිදා පාට් දැමූ ලයිසන් චණ්ඩීන් දැන් පෑල දොරෙන් පැන යමින් සිටියි. ඒ අනුව එම රාජ්‍ය ආයතනවල නව තනතුරු ලබා ගත් සියලු දෙනාට හැකි ඉක්මනින් නිවෙස් බලා යන ලෙස පොහොට්ටුවේ නායකයින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

මේ සිදුවීමත් සමඟ ඔවුන් කළ කම් පළ දේ යැයි බියෙන් පසුවන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර නීත්‍යනුකූල පත්වීම් ලබා සිට පොහොට්ටුවේ ලයිසන් චණ්ඩීන් විසින් අත්තනෝමතික ලෙස පන්නා දැමූ සියලු නිළධාරීන් හෙට දිනයේ සිට එම ආයතනවලට පැමිණීමේ සූදානමක්ද පවතින බව එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.
අගමැති රනිල් වික්‍රමසිංහ ගේ සහ එම ඇමති මණ්ඩලයේ නීතනුකූලභාවය තව දුරටත් තහවුරුව පවතින අතර ඒ අනුව රජයේ කටයුතු සිදුවෙනු ඇති බව පැවසේ.

Last modified on Tuesday, 13 November 2018 19:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us