සිරිසේන චූ රෙදි පිටින් හොර ඇමැති මණ්ඩලය ‍රැස්කරයි.

Published in පුවත්
Tuesday, 13 November 2018 20:07

අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නිසා බයෙන් බිරාන්ත වී සිටින ජනාධිපති සිරිසේන හදිස්සියේම හොර ඇමැති මණ්ඩලය කැබිනට් කාර්යාලයට කැඳවා ඇත.

හෙට (14) දිනයේදි පාර්ලිමේන්තුව රැස්කිරීමට ජනාධිපතිවරා මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය නිසා කතානායකවරයාට කිසිදු බධාවකින් තොරව හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස් කිරීමේ හැකියාව ලැබී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයට පත් වුවහොත් තමන් ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති සිරිසේන ජාතිය හමුවේ ප්‍රතිඥාවක් මීට පෙර ඔහු ලබා දී තිබිණි.

මහින්ද රාජපක්ෂගේ අගමැතිධුරය හෙට දිනයේදී පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලිවම අභියෝගයට ලක්වනු ඇත. එමෙන්ම ශ්‍රිලනිප සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගැනිම නිසා මහින්ද රාජපක්ෂ ඇතුලු මන්ත්‍රීවරු 28 දෙනෙකුගේ මන්ත්‍රී ධුරයන් අහෝසි වී යෑමේ අනතුරද පවතී.

කෙසේ නමුත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ යළි පාර්ලිමේන්තුව කල් තැබීමේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරෙනු ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us