එජාපයට, ජනපතිගෙන් කොළ එළියක් Featured

Published in පුවත්
Wednesday, 14 November 2018 08:11

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ජනාධිපතිවරයා තමා දැරු දේශපාලන ස්ථාවරය වෙනස් කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි. ඊයේ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමද විනාඩි 40 කට සීමා වී තිබේ. විශේෂ වැදගත් කිසිවක් ගැන එහිදි සාකච්ඡා කොට නැත.

මැති ඇමැතිවරුන් අධිකරණයේ වූ සිදුවීම ගැන විස්තර කතා කරමින් සිටින අතර තුර ජනාධිපතිවරයා ඉන් නැගිට ගොස් ඇත. ඒ අනුව එම රැස්වීම අවසන්ව ඇත.

එජාප ආරංචි මාර්ග පවසන්නේ එජපයේ ජේෂ්ඨයකුට පණිවිඩයක් එවා ඇති ජනාධිපතිවරයා කළඹල නොකර ඉන්න යැයි ඉල්ලිමක් කර තිබේ.

අද පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් පසුව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහගේ තැන සුරක්ෂිත වීම හැර වෙන කිසිවක් සිදු නොවන බවත් සුපුරුදු පරිදි ආණ්ඩුව කරගෙන යෑමට හැකි වනු ඇතැයි විශ්වාසය රඳවා ගත හැකියයිද එම ආරංචි මාර්ග පවසයි.

ඊයේ රාත්‍රියේදී යළිත් වතාවක් පාර්ලිමෙන්තු සැසිය කල් දැමීමේ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා නිකුත් කරනු ඇති බවට සැකයක් මතුව තිබුණත් ඔහු එම අදහස ඉවත් කරගෙන තිබේ. රට තුලත් ජාත්‍යන්තරවත් එල්ල වූ විරෝධය හමුවේ සිරිසේනත් මහින්දත් බරපතල දේශපාලන අවුලක හිරව තිබෙන බවත් දැන් පැහැදිලිය. තව දුරටත් හිතුවක්කාර තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඔවුන් දෙදෙනාටම නොහැකිව තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us