අගමැතිකම.. මගේ හිතේ නෑ.. - සජිත් ප්‍රේමදාස Featured

Published in පුවත්
Wednesday, 14 November 2018 14:19

තමන්ගේ හිතේ අගමැති සිහින නැති බවත් මේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව, නිදහස්ව, සාමකාමීව ජීවත් වෙන රටක් පමණක් තමන් බලාපොරොත්තු වන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද පාර්ලිමේන්තු සැසිවාරය අවසානයේ මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

එහිදී අගමැති ධුරය භාර ගන්නවාද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ මේ ගමන යා හැක්කේ තනි තනිව නොව සාමුහිකව බවය. තනි ගමනක් යාම මහින්ද රාජපක්ෂ මෙන් ආඥාදායකත්වයට මග පාදන බවත් තමා ආඥාදායකයෙක් නොව ප්‍රජාතන්ත්‍රවාදියෙක් බවත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ජනාධිපති සිරිසේන පසුගිය නොවැම්බර් 05 වනදා ප්‍රකාශ කර සිටියේ තමන්ගේ කුමන්ත්‍රණකාරී සැලසුමට අනුව අගමැතිධුරය බාර ගැනීමට සජිත් ප්‍රේමදාසට ආරාධනා කළ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවය. ව්‍යස්ථාමය අර්බුධය හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබිය්දී එජාපය තීන්දු කර තිබුණේ එළඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසව ඉදිරිපත් කළ යුතු බවය. එහිදි එම යෝජනාව සියලු දෙනාගේ පිළිගැනිමට ලක්ව තිබුණත් සජිත් ප්‍රේමදාස පවසා තිබුනේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය උපදෙස් සහයෝගය ලැබිය යුතු බවත් එය ලැබෙනවා නම් තමන් එය බාර ගන්නා බවත්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us