මහින්දට අගමැති ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න ඉඩ දෙන්නේ නෑ - මංගල

Published in පුවත්
Wednesday, 14 November 2018 22:21

මහින්ද රාජපක්ෂ හෙට පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අද ප්‍රකාශ කර තිබුණා. එම ප්‍රකාශය සමඟ යම් හෙයකින් හෙට දිනයේ රාජපක්ෂ අගමැතිවරයා ලෙස සිය විශේෂ ප්‍රකාශය සිදු කරන්නේ නම් එය නීති විරෝධී බව අමාත්‍ය මංගල සමරවිර පවසනවා.

සිරිසේන ජනාධිපතිවරයා විසින් පසුගිය 26 වනදා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධුරයේ පිහිටුවීම නිති විරෝධී බව අද පාර්ලිමේන්තුවේදී ඔප්පු වූ බව සමරවීර මහතා සඳහන් කළා. එවැනි තත්වයක් තුළදී අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයේ රාජපක්ෂ ඇතුළු පිරිසට ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට ඉඩ ලබා දුන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය වික්‍රමසිංහ අගමැතිවරයාගේ පාර්ශ්වයට ඇති බව පෙන්වීමේ අවශ්‍යතාවය මත බව අමාත්‍යවරයා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තුවේ 122 දෙනෙකුගේ බහුතර ඡන්දයෙන් සම්මත වූ අතර ඒ මොහොතේ රාජපක්ෂගේ පාර්ශ්වයේ සිටි‍ නියෝජිතයන් 98 දෙනාගෙන් කිහිපදෙනෙකුද එම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් බව අමාත්‍යවරයා මතක් කර සිටියා. ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව හරහා එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පාර්ශ්වයට පැහැදිලි ජයග්‍රහණයක් ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තිය යටතේ රාජපක්ෂ ඇතුළු ඊනියා කැබිනට් මණ්ඩලයම අහෝසි වන බව සමරවීර මහතා පවසනවා.

මෙවැනි තත්වයක් තුළ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ හෙට දිනයේදී අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට යන්නේ නම් එය යළිත් වරක් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බව අමාත්‍යවරයා පවසනවා. එසේ වුවහොත් හෙට දිනයේ දී පාර්ලිමේන්තුව තුළ විශාල විරෝධතාවක් ඇති වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි වනු ඇති බවද මංගල සමරවීර මහතා තවදුරටත් පවසනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us