සිරිසේන අඩියක් පස්සට ගනී. මහින්දට බැරි බව පිළිගනී ! - පක්ෂනායක හමුවේදි යූ ටර්න් එකකට කැමැත්ත

Published in පුවත්
Thursday, 15 November 2018 20:22

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමේ හැකියාවක් ඊයේ සම්මත වූ විශ්වාසභංග යෝජනවේ අඩංගු බැවින් එය සංශෝධනය කර හෙට දිනයේදි යළිත් සම්මත කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා එජාපය ප්‍රමුඛ පක්ෂ නායකයන්ට දැන්ම් දි තිබේ.

මහින්ද රාජපක්ෂ ට එරෙහි විශ්වාස භංගයට සහයදුන් පක්ෂ නායකයින් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවේදී ජනාධිපති සිරිසේන එම ඉල්ලීම කල බව එම රැස්වීමට සහභාගී වූ පක්ෂ නියෝජිතයෙක් පැවසිය.

මේ අනුව මහින්ද රාජපක්ෂ විශ්වාසභංගයෙන් පරාජය වූ බවත් ඔහු තව දුරටත් අගමැතිවරයා ලෙස භාර ගැනීමට නොහැකි බවත් ජනාධිපතිවරයා පිළිගැනිමට ලක්කර තිබෙන බවත් දැන් ගැනිමට තිබේ.මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී බොහෝ දුරට තමන්ගේ පරාජය බාර ගනිමින් ඉල්ලා අස්වීමක් ප්‍රකාශයට පත් කෙරෙණු ඇති බවත් පැවසේ.මෙම සාකච්ඡාවේදි නව ඇමැති මණ්ඩලය නම් කිරීම ගැනත් අදහස් පළ වී ඇති අතර රනිල් වික්‍රමසිංහ සමඟ වැඩ කිරීමට නොහැකි බවත් එම නිසා වෙනත් අයෙකු නම් කරන ලෙස ඉල්ලිමක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරු ප්‍රමාණයක් අප ඊයේ දිනයේදී අප අනාවරණය කළෙමු (කතානායක ලිපියට ජනපති සංශෝධනයක් ඉල්ලයි. ලැජ්ජයිලු...විශ්වාසභංග යෝජනාව පිළිගනියි !)

එක්සත් ජාතික පෙරමුණ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් මෙම රැස්වීමට සහභාගිවී සිටි නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කිසිඳු නියෝජිතයකු ඊට සහභාගිවී නොමැත.

ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ජාව සඳහා කතානායක කරු ජයසුරිය මහතාට ද ආරාධනා කර තිබු අතර ඔහුද ඊට සහභාගී වී සිටියේය.

කෙසේවුවද ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවට සහභාගී වූ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා මාධ්‍ය වෙත පැවසුයේ, එම සාකච්ඡාව එකඟතාවයකින් යුතුව අවසන් වූ බවයි.

“ මේක ඉක්මනට විසඳන්න ඕන කියලා තමයි ජනපතිවරයා පැවැසුවේ. සුහදව සාකච්ඡාවක් ඇතිවුණා. ඉතාමත් ඉක්මනින්ම ප්‍රශ්නය විසදේවි” යැයි රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

Last modified on Thursday, 15 November 2018 20:27

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us