සිරිසේන පොළොන්නරුවට වී සූදු කෙළියි. පැය 24 ඇතුලත තව පිස්සු තීන්දුවක් Featured

Published in පුවත්
Saturday, 17 November 2018 13:49

සිරිසේන ජනාධිපතිවරයා අද උදෑසන මහින්ද පාර්ශ්වයට හා එජාපයට දන්වා ඇත්තේ ඉදිරි පැය 24 ඇතුලත 113 ක බහුතරයක් තමන්ට ඇති බව ඔප්පු කරණ පාර්ශ්වයට අගමැතිකම දෙන බවය. 

මේ වන විට කිසිවකුට ඇහුම්කම් නොදෙන ජනාධිපතිවරයා පොළොන්නරුවේ සිය නිවසට වී කාලය ගත කරමින් සිටින පැවසේ. මේ අනුව තව පැය 24 ක් ඇතුලත ඔහුගේ තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරෙණු ඇත. එහෙත් එය තමන්ගේ කැමැත්තට එදිරිව යන්නක් නොවනු ඇති බවට සැකයක් නැත. තවත් උන්මන්තක විගඩමක් ලෝකයට ඔහු ප්‍රදර්ශනය කරනු ඇත.

මේ අතර රාජපක්ෂ පුතුන් හා එම පාර්ශ්වයේ සූදු කාර මන්ත්‍රීවරුන් කිහිප දෙනා මනෝ ගනේෂන් රිෂාද් බදුර්දීන් පලනි දිගම්බරම් යන අයගේ කණ්ඩායම් පසුපස යමින් රුපියල් කෝටි සීයයේ සිට ඉහළට ලංසු ඉදිරිපත් කරමින් සිටින බවත් අතිශ්ය විශ්වාසදායක තොරතුරු මාර්ග තහවුරු කරයි. මේ වෙනුවෙන් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු මැදිහත්ව සිටී. හිටපු බැංකුකරුවකු මෙන්ම කොටස් වෙළඳපොළ ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට මෙම ව්‍යාපාරිකයා පසුගිය කාලයේ නාමල් රාජපක්ෂ සමඟ සිදු කළ කූට ගනු දෙනු නිසා මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් නම් කළ චූදිතයකුද වේ.

එක්සත් ජාතික පක්ෂය ඊයේ රාත්‍රිය වන විට 113 ක බහුතරයේ දිවරුම් ප්‍රකාශද සූදානම් කරගෙන සිටි නමුත් සිරිසේන ඔවුන් හමුවීම මඟ හැර තිබිණි. මේ අතර දෙමළ ොතික සන්ධානයට අද සවස 5 ට හමුවීම සඳහා වෙලාවක් ලබා දී තිබේ.

කෙසේ නමුත් සීරිසේන කවර මිළක් හෝ ගෙවා මහින්ද රාජපක්ෂට අගමැති පු‍ටුව බාර දීම සිදු කෙරෙනු ඇති බවට දැන් සැකයක් නැත. ඒ මිළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පුරවැසියාගේ ජීවිතවලින් වුව ගෙවීමට ඇති සූදානම ඊයේ සිරිසේනගේ අනුදැනුම මත පාර්ලිමේන්තුව තුලදී ශ්‍රීලනිප හා පොහොට්‍ටු මන්ත්‍රීවරුන්ගේ හැසිරීමෙන් ඔප්පු කර තිබිණි.

Last modified on Saturday, 17 November 2018 13:55

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us