සර්වපාක්ෂික සමුළුව සිරිසේනගේ තවත් බල පෙරේත කුමන්ත්‍රණයක් ! Featured

Published in පුවත්
Sunday, 18 November 2018 13:29

සිරිසේන ජනාධිපතිවරයා අද සවස කැඳවා තිබෙන සර්ව පාක්ෂික් සමුළුව බලයට තිබෙන මළ පෙරේතකම නිසා සිදු කරන්නක් බව පැහැදිලි වෙමින් තිබේ.

ජනාධිපති සිරිසේන විසින් හිතමතාම නිර්මාණය කරනු ලැබූ වත්මන් දේශපාලන අර්බුධය විසඳිමේ අවශ්‍යතාවයක් ඔහුට කිසිසේත්ම නොමැත. පාර්ලිමේන්තුව නියමාකරයෙන් රැස් කර මෙම ගැටලුව නිශ්චිත ලෙස විසඳා ගැනිමේ හැකියාව තිබුණද එය කල් දැමිම නැවත විසුරුවා හැරීම ඔහු විසින් සිදු කළ තක්කඩි ක්‍රියාවක් බවත් පැහැදිලිය එමෙන්ම පාර්ලිමේන්තුව අධිකරණ නියෝගයෙන් පසුව ‍රැස් කිරීම කඩාකප්පල් කිරීම ඔහුගේ සැලසුමක් අනුව සිදුවෙමින් පවතින බව පැහැදිලි කාරණාවකි.

පාර්ලිමේන්තුව හමුවේ දෙවරක්ම සම්මත කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළි නොගෙන සිටිමට ඔහුට කිසිසෙත් නොහැකි නමුත් බලපෙරේතකම නිසා එය නොතකා සිටී.

පසුගිය දින කිහිපයේදී එක්සත් ජාතික පක්ෂය තමන්ට 113 ක බහුතරය සිටින බවට දිවුරුම් පෙත්සම් මාර්ගයෙන් දැනුම් දිමට උත්සහ ගත්තද එය බාර ගැනීමෙන් වැලැකී සිටීමට සිරිසේන කටයුතු කළේය.

මේ අනුව අද සවස රැස් කිරීමට නියමිත සර්වපාක්ෂික සමුළුවද එජාප ආණ්ඩුවක් බිහි වීම වැලැක්වීම සදහා ගන්නා සටකපට උත්සාහයක් බව පැහැදිලිය.

මෙම කුමන්ත්‍රණකාරී සමුළුවට සහභාගි නොවීමට කතානායකවරයා නිවැරදි තීන්දුවක් ගෙන තිබෙන අතර ජනතා විමුක්ති පෙරමුණද එය වර්ජනය කර තිබේ,

නීති විරෝධී ලෙස කටයුතු කරන ත්‍රාඩ මෝඩ ජනාධිපතිවරයකු හ තවත් සාකච්ඡා කිරීමෙන් පළක් නැත.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් දැන් කළ යුතු වන්නේ මේ සිරා මරා බලු පූට්‍ටුව පන්නා දැමීමේ කාර්යභාරයයි . එය රටේ බුද්ධිමත් ප්‍රගතිශිලි ජනතාවගේ වගකීමක් වේ. මේවන විටත් රට දැවැන්ත ආර්ථික අර්බුධයකට ගොදුවී අවසන්ය. ඉදිරි මාස කිහිපය ඇතුලත මේ පළ විපාක සමස්ථ ජනතවටම් බුක්ති විඳිමට සිදුවනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us