රාජපක්ෂ මිනීමරුවන් ඇල්ලූ අයි.පී.නිශාන්ත, සී.අයි.ඩි.යෙන් පන්නන්න සිරිසේන නියෝග කරයි ! Featured

Published in පුවත්
Sunday, 18 November 2018 16:20

රාජපක්ෂ යුගයේ සිදු කෙරුණු බරපතල අපරාධ ගැන විමර්ශන ගනනාවක් සිදු කරමින් සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම විමර්ශන වලින් ඉවත් කරන ලෙස සිරිසේන ජනාධිපතිවරයා අද පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. ඒ අනුව ඔහුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන්ම ඉවත් කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ රහස් පරීක්ෂකයකු වූ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා මහතා තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීම ගැන නාවික හමුදා නිලධාරීන්ට එල්ල වූ චෝදනාව, සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම මෙන්ම ඊට අදාලව ආරක්ෂක මණ්ඩලික නිලධාරී රවී විජේගුණවර්ධනව අත් අඩංගුවට ගැනීම විය යුතු බවට අධිකරණය හමුවේ ඉල්ලා සිටියේද මෙම නිලධාරියාය. එමෙන්ම කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණය, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීම, මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීම ඇතුලු විමර්ශන ගනනාවක් සිදු කරමින් සිටි ජේෂ්ඨ පොලිස් නිළධාරියෙකි.

මීට පෙර යාපනයේ විද්‍යා දැරිය දූෂණය කොට මරා දැමීම ගැන විමර්ශන සිදු කර එම අපරාධ කරුවන් සියලු දෙනා නීතියේ ‍රැහැනට කො‍ටු කර ගත්තේද මේ නිලධාරියා යටතේය, එමෙන්ම 2014 වසරේ දී කුරුණෑගල මහව ප්‍රදේශයේ දරුවකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීමේ ආන්දොලනාත්මක සිදු වීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කළේ මෙම නිළධාරියාය.

Last modified on Sunday, 18 November 2018 16:40

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us