ජනතා වීරයා කරූ ජයසූරිය, ඉලක්ක කරගෙන දැවැන්ත මඩ ප්‍රහාරයක් Featured

Published in පුවත්
Sunday, 18 November 2018 15:48

සිරිසේන සහ මහින්ද එකතුව විසින් සිදු කළ ජඩ දේශපාලන කුමන්ත්‍රණය හෙළිදරව් වීම නිසා බරපතල දේශපාලන ආගාධයකට වැටී සිටින මේ තක්කඩියන් දෙදෙනාගේ ප්‍රතිරූපය යළි ඉහළදමා ගැනීම වෙනුවෙන් කතානායක කරූ ජයසුරිය ඉලක්ක කරගෙන දැවැන්ට මඩ ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

මේ කුමන්ත්‍රණය පරාජය කිරීමේ සෙන්පතියා කතානායක කරූ ජයසූරිය බවට අද දෙස් විදෙස් ප්‍රගතිශිලින්ගේ නොමද පැසසුමට පාත්‍ර වෙමින් තිබේ. 

ඒකාධිපති බල පෙරේතයකු වූ මහින්ද රාජපක්ෂත් ඔහුගේම අඩිපාරේ යමින් තමන්ගේ බලය හිතුවක්කාරව යොදා ගනිමින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව මේ වන විට ජාත්‍යන්තරය තුලින් එන විවේචනයට වඩා වඩි විවේචනයක් මෙරට ජනතවගෙන් එල්ල වෙමින් තිබේ.

අද රට දැවැන්ත දේශපාලන හා ආර්ථික අර්බුධයක සිරකරමින් මේ ගෙන යන නීති විරෝධී පාලනය වහාම පෙරළා දැමිය යුතු බව අද රටේ බහුතරයේ මතය වී තිබේ. ඒ තබා සිරිසේන පාර්ශ්වය විශ්වාස කළ කොටස් සේම මහින්දගේ නායකත්වය විශ්වාස කළ ඒ පාක්ෂිකයන් අතරින්ද මේ බල කුමන්ත්‍රණය ගැන කිසිදු පැහැදිමක් නැත. මේ දෙදෙනාම බලය වෙනුවෙන් ඕනෑම දහදුරා කටයුතක් කිරීමට සූදානම් ජඩයන් දෙදෙනකු බව දැන් රටත් ලෝකයත් පිළිගෙන හමාරය.

මේ තත්වය හමුවේ, හදිසි මැතිවරණයකට යෑමෙන් කිසිසේත්ම ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු විය නොහැකි බවට රජයේ බුද්ධි අංශ යොදවා කළ සමීක්ෂණ වාර්ථාවන් ගෙන් පවා හෙළිව තිබෙන බව ඒ අංශ වල ‍තොරතුරු මාර්ග තහවුරු කර ඇත.

මේ ත්තවය හමුවේ අද සර්ව පාක්ෂික සමුළුව හරහා භාරකාර ආණ්ඩුවක් ගැන යෝජනාවක් ඉදිරිපත් කිරීමටද ජනධිපතිවරයා තීරණය කරනු ඇතැයි පවසේ. එහිදී පක්ෂවල කැමැත්තේන් රනිල් හො මහින්ද නොවන මන්ත්‍රීවරයකු අගමැතිධුරයට පත් කිරීමේ යොජනාවක්ද ඉදිරිපත් කෙරෙනු ඇති බව පැවසේ.

ඒ කෙසේ නමුත් කරූ ජයසූරිය අද ජනතාවගේ වීරයා වී, සිරිසේන සහ මහින්ද ඉතිහාසයේ කුණු කූඩයට වැටී තිබීමේ ගැටලුවෙන් මිදිමට නම් කතානායකවරයාගේ ප්‍රතිරූපය විනාශ කළ යුතු බව මේ හොර තක්කඩියන් දෙදෙනාගේ උපදේශකයන්ගේ මතය වී ඇත. ඒ අනුව පොස්ටර් ව්‍යාපාරයක් මෙන්ම රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය යොදාගෙන විශාල මඩ ප්‍රචාරය්ක් දියත් වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us