සිරිසේන විනාශ කළේ හොඳට තිබුණු රට.! - මහ බැංකුවත් කියයි Featured

Published in පුවත්
Monday, 19 November 2018 15:40

 2016 වසර හා සන්සන්දනය කරන විට මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික, ව්‍යාපාර පරිසරය හා සමාජ ආර්ථික යටිතල පහසුකම් සැළකිය යුතු මට්ටමින් වැඩිදියුණු වී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ සෞභෘග්‍යය මැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා සමෘද්ධි දර්ශකය අනුව මෙම තොරතුරු වාර්තා වී තිබෙනවා.

එම දර්ශකය ආර්ථීකය, ව්‍යාපාර පරිසරය හා සමාජ ආර්ථික යටිතල පහසුකම් යන අංශ තුන ඔස්සේයි මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ.

ඒ අනුව යමින් ශ්‍රී ලංකා සමෘද්ධි දර්ශකය පෙන්වා දෙන්නේ 2016 වසරේ 0.661 ක් වූ එම අගය 2017වසරේදී 0.771ක අගයකින් වැඩි වී ඇති බවයි. ආර්ථීක හා ව්‍යාපාර පරිසර උප දර්ශකයන්ගේ වැඩි වීම ද මීට හේතුව වී තිබෙනවා. මෙම ආර්ථීක හා ව්‍යාපාර පරිසර උප දර්ශකයන්ගේ වැඩි වීම සඳහා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදිතයේ වැඩි වීම හා රැකියා නියුක්තිකයන්ගේ වැඩි වීම යන කාරණා බලපා ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

සමාජ ආර්ථික යටිතල පහසුකම් සම්බන්ධයෙන් දත්ත ලබා ගැනීමේදී අධීවේගී මාර්ග දිගු කිරීම ඇතුළු මාර්ග පද්ධතියේ වැඩිදියුණු කිරීම්, පාලම් සහ ගුවන් පාලම් ඉදි කිරීමේ කටයුතු, විදුලි පහසුකම් සැපයීම සහ ජල නළ පද්ධති වැඩි දියුණු කිරීම යන අංශ මෙහිදී බලපා තිබෙනවා.

එසේම “මහජනයාගේ යහපැවැත්ම“ සම්බන්ධ උප දර්ශකය 2017 වසරේදී පාරිසරික හා වායුගෝලීය ගුණාත්මක භාවය සෞඛ්‍ය පහසුකම්, ගුණාත්මක අධ්‍යාපනය, මිනිසුන් විසින් විනෝදාත්මක කාර්යයන් සඳහා දක්වන්නා වූ දායකත්වය යනාදියේ පහත වැටීමක් සිදු වී ඇතැයි යන්න ප්‍රතික්ෂේප කරනවා.

Last modified on Monday, 19 November 2018 15:42

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us