මරා - සිරා ඒකාධිපති හවුල වෙනුවෙන් , නීතිඥ සංගමය කඩේ යැවූ, යූ ආර් ද සිල්වා නෙරපනු !

Published in පුවත්
Wednesday, 21 November 2018 17:13

සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණය නීත්‍යනුකූල බවට පක්ෂග්‍රාහී ලෙස ප්‍රකාශ නිකුත් කරමින් සිටින, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ ආර් ද සිල්වා එම ධුරයට නොගැලපෙන බැවින් ඔහුව ඉවත් කළ යුතු බවට නිතිඥ සංගමයේ සාමාජිකයන් විසින් එම සංගමයේ විධායක සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබර් 26 වන දින ව්‍යවස්ථා විරෝධීව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස නම් කිරීමේ සිට ක්‍රියාත්මක කළ නීති විරෝධී ක්‍රියා පටිපාටිය නිත්‍යානුකුල බවට යූ ආර් ද සිල්වා මාධ්‍ය ගනනාවක් හමුවේ ප්‍රකාශ නිකුත් කර තිබිණි. නීතිඥ සංගමේ සාමාජිකයන් පෙන්වා දෙන්නෙ සංගමයේ ඒකමතික තීන්දුවක් නොමැතිව එසේ ප්‍රකාශ නිකුත් කිරීමට සභාපතිවරයාට අයිතියක් නැති බවය. මීට පෙර මේ රටේ බරපතල නෛතිකමය ගැටලු මතුවන අවස්ථාවලදී නීතිඥ සංගමය ස්වාධීන ආයතනයක් ලෙස ඒවාට මැදිහත්ව දෙස් විදේ ප්‍රවීණ නීතිවේදීන් ගේ අදහස් මතවාද තර්ක විතර්ක අනුව එක මතයක් ප්‍රකාශයට පත් කිරීම සිදු කර තිබේ. එහෙත් වත්මන් සභාපතිවරයා අපරාධ නීතිය පිළිබඳ දක්ෂ නිතිවේදියෙක් වූවත් ව්‍යවස්ථාමය හෝ පරිපාලනමය නීතිය ගැන ප්‍රමාණිකයකු නොවේ. එසේ තිබියදි තමන් නොදන්නා විෂයක් ගැන තමන්ගේ හිතු මනාපේ මාධ්‍ය හමුවේ නිතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස වැරදි පක්ෂග්‍රාහී මතයක් ප්‍රකාශ කිරීම සංගමයත් මේ රටේ නීතිඥ පුජාවත් හැල්ලුවට අවමානයට ලක් කිරීම මේ සභාපතිවරයා විසින් සිදු කර ඇති බව නීතිඥ සංගම් සාමාජිකයන් පෙන්වා දෙති.

ur 2ur 1

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us